එකල ලොව සිටි විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටයා ඇය විය – හයිපතියා

ක්‍රිස්තු වර්ෂ 415 වසන්තයේ මුල් දිනක රෝම අධිරාජ්‍යයේ බුද්ධිමය හදවත වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දී ඇගේ අශ්ව රථයෙන් ඇයව බිමට ගත් ඔවුහු ළගම ඇති දෙවොලට උක්ත ඒ ගැහැණියව ඇදගෙන ගියහ. අනතුරුව ඇයව බිම පෙරලා නිරුවත් කර, තියුණු කිනිසි තුඩකින් ඇයගේ සම ලෙලි ගසා, ඇගේ අත් පා ශරීරයෙන් කපා ඉවතට ගෙන වීදි දිගේ ඒවා ඇදගෙන ගොස්, ඇගේ ශරීරයේ ඉතිරි කොටස් සමග සිසේරියම් පුස්තකාලයේ දී පුළුස්සා දැමූහ. ලෝකයට ඉමහත් සේවයක් කළ අනගිතම තාරකා විද්‍යාඥවරියක් ක්‍රිස්තියානි පල්ලිය විසින් ඝාතනය කළේ ඔන්න ඔය ආකාරයටය.

‍ක්‍රි.ව. 357 දී ලොව අග්‍රගන්‍ය පුස්තකාලයද, වටිනාම පුස්තකාලයද තිබුනේ ඊඡිප්ත්‍තුවෙි ඇලෙක්සැන්ඩිරියා නුවරය. එය නමි දැරුවෙි ඇලෙක්සැන්ඩිරියා
පුස්තකාලය (සිසේරියම්) ලෙසය. එහි පාලකයා දර්ශනවාදියෙකු හා ගණිතඥයෙක් වු තියොන් ඇලෙක්සැන්ඩර් ය. ඔහුගේ එකම දියණිය හයිපතියා විය.

එවකට මිසරය රෝම අධිරාඡ්‍යයට අයත් වූවකි. රෝම පාලකයා වූ කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගම තම අධිරාඡ්‍ය යේ රාජ්‍ය ආගම බවට පත් කළ අතර හේ එහි කෘෘර රාඡ්‍ය පාලකයෙක් විය. තම සිංහාසනයේ උරුමක්කාරයා වූ ඔහුගේම පුත්‍රයාව සිය දෑතින් මරා දමා තම බිරිඳ සමඟ කෝපයට පත්ව ඇයව ඇගේ නාන තටාකයේ උනු වතුරේ ඔබා තම්බා මරා දැමීය. එවන් සැහැසි අධිරාඡයෙක්ගේ බලය මත ග්‍රීසිය හා කොන්ස්තන්තිනෝපල හරහා ක්‍රිස්තියානි පල්ලිය ඊඡිප්තුවට කඩා වැදුනා පමණි.

එවිට ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාල පාලකයා දර්ශනවාදියෙකු වූ තියොන් ගේ එකම දියණිය හයිපතියා ය. ගණිතයට හා කුතුහලය දනවන තාරකාවන්ට මහත් ඇල්මක් දක්වමින් සිටි ඇය එම විෂයන් මනාව ප්‍රගුන කළා ය. තම පියාත් අනගි පුස්තකාලයත් ඒ සඳහා ඇයට ඉමහත් පිටිවහලක් විය. ඒ වනවිටත් පල්ලිය පේන කියන්නන් හා වෙනත් දෙවිදුන්ට පුද පුඡා කරන දේවාල සමතලා කරමින් ඒවයේ අනුගාමිකයින් මරා දමමින් ඉපැරණි දෙවිවරුන්ගේ රන් හා ලෝකඩ පිලිම උනුකරමින් සිටියේ ය.

Hypatia /Julia Margaret Cameron

නමුදු පල්ලියේ අසිපතට හා හෙල්ලයට ඇය බිය වුයේ නැත. මක් නිසාද ඇයට ආගමක් නොවිනි. ඇය විශ්වාසය තැබුයේ මිනිසාවය. මිනිසා අද ලබන අත්දැකීම් තුලින් අවබෝධය ලබා හෙට නිවැරදිම මාර්ගය සොයාගනු ඇතැයි ඇගේ දර්ශනයට අනුව ඇය සිතුවා ය. හයිපතියා බොහෝ මහන්සිවී දිවා රැ නොනිදා කල්පනා කළා ය. ඒවා සියල්ල ග්‍රහලෝක හා තාරකා පිළිබඳ විය. ලෝකයේ කිසිඳු ගැහැණියකට ඒ වනවිට එවැනි පිස්සුවක් තිබුනේ නැත. ඇයට වටහා ගත නොහැකි මෙි මහා අභිරහස් විශ්වය පිළිබඳව ඇය බොහෝ නිරීක්ෂන හා පරීක්ෂණ කළා ය. පසුව අති බැරෑරුම් නිගමනවලට එළඹියා ය. ඒ ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘතුවිය නොවන බවත් එහි කේන්ද්‍රය සුර්යයා බවත් අප පෘතුවිය ඇතුලු ග්‍රහ මණ්ඩලය සූර්‍යයා වටා කැරකැවෙන බවත් එය කැරකැවෙන්නේ ඉලිප්සාකාරව සහ සංඛ්‍යාත්මක පිළිවෙලකට වන අතර, ග්‍රහලෝක තම තමන්ගේ කාල සීමාවන්ට අනුරූපව කක්ෂවල ගමන් කරමින් විශ්වය තුළ සුසංයෝගයක් ඇති කරන බවත් ඇය එමගින් නිගමනය කලාය. ඇය විශ්වාසයන් තැබූ නිගමන ඒවා විය. ඇගේ මෙම මතයන් හා නිගමනයන් අතිශය නිවැරදි හා ප්‍රත්‍යක්ෂයැයි කියා සිටින්නට ලෝකයට තවත් වසර 1000ක් කෙප්ලර් හා නිකලස් කොපනිකල්ස් එනතුරු කට ඇරගෙන බලා සිටින්නට සිදුවිය.

ඇගේ විශිෂ්ඨතම නිර්මානය වන්නේ තාරකා මාලිමාවයි. ASTROLABE එය තාරකා විද්‍යාවෙි විස්මිත නිර්මාණයකි. සුර්යාගේ පිහිටීම ග්‍රහලෝක වල පිහිටීම හා ඒ අතර ඇති දුර පුමාණය නිවැරදිව කිව හැකි උපකරණයකි එය. එසේම ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනීම සඳහා ඇය නිමවන ලද පිත්තල ද්‍රව මානයද එලෙසම අග්‍ර ග්‍රන්‍ය සොයාගැනීමක් ය. ඇගේ මේ සොයා ගැනීමි නිසා විශ්වයේ රහස් පිළිබඳ කුතුහලයෙන් පිරුණු මනස් ඇති උගත් බුද්ධිමත් නුවරුන් ඈ වටා රොක් විය. හයිපතියා ගණිතය සහ දර්ශනය පිළිබඳ ඇයගේ ජයග්‍රහණ සමඟ ඇගේ කාලයේ සිටි සියලුම විද්වතුන් අභිබවා ගියාය. ඇය එකවිට ඇලෙක්ක්‍සැන්ඩ්‍රියාවෙි තාරකාවද ගිනිසිලුවද විය.

ක්‍රි.ව. 412 දී පමණ ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්ලැටෝනිස්ට් පාසලේ ප්‍රධානියා බවට පත් වූ අතර එහිදී ඇය ධනවත් තරුණයින්ට (ඇගේ සියලුම සිසුන් පිරිමින්) ගණිතය හා තාරකා විද්‍යාව ඉගැන්වූවාය. ඉගැන්වීමට අමතරව හයිපතියා නාගරික කටයුතු සම්බන්ධයෙන් නගර ප්‍රධානියාට උපදෙස් ද රජයේ ඉහළ නිලධාරීන්ට නගර පාලනය ගැන ප්‍රසිද්ධ දේශන ද පැවැත්වීය. එකල එය, රටක් හෝ නගරයක් පාලනය කළ යුතු ආකාරය පිළිබඳව දේශපාලනඥයින් දාර්ශනිකයන්ගෙන් උපදෙස් ලබාගැනීමේ ඉපැරණි සම්ප්‍රදායේ කොටසකි. එමෙන්ම ඇය වංශාධිපති ද බලගතු ද වූවාය.

ඇගේ ජනප්‍රියත්වය ඇලෙක්සැන්ඩ්‍රියා පල්ලියේ බිෂොප්වරයා තුළ මාරාන්තික ඊර්ෂ්‍යාවක් ඇති කරන කළ යුරෝපා සමිභාව්‍ය දාර්ශනික කවය තුළ කාන්තාවන් දුර්ලභ විය. ඇයගේ ලිංගිකත්වය හා, ඒ මගින් නුවරුන්ට කළ හැකි බලපෑම සීමා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඇගේ ජ්වලිත ක්‍රිස්තියානි විරුද්ධවාදීන්ගේ කෝපය මෙි වන විට ඉහවහා ගොස් තිබූ අතර පල්ලිය ඒ වනවිටත් සිය බාධකය හඳුනාගෙන තිබිණි. හයිපතියා තරු සමඟ සම්බන්ධ වීම පල්ලියේ නායකයින්ට මායා කර්මයක් ගැන චෝදනා කිරීමට තරම් ප්‍රමානවත් විය. ධර්මාධිකරණය වැඩිකල් බලා නොසිට ඔවුනට අවශ්‍ය මොහොතේ හයිපතියාව අත්අඩංගුවට ගත්තේය.

බලාධිකාරිය ඇයට අණකලේ මෙි සොයාගත් දේ මිත්‍යාවක් යැයි මහඡනයා ඉදිරියේ පවසන ලෙසය. ඇය එය නිර්භය ලෙස ප්‍රතික්ෂේප කළවිට මෙම විශිෂ්ඨ ගැහැනියව අන්ධකාර පල්ලිය විසින් පුලුස්සා මරා දමන ලද්දේ ය. ශත වර්ෂ ගණනාවකට පසුව වුව කෙළෙහිගුණ දත් මිනිසා ඇය විද්‍යාවට හා මිනිසාට කළ මහගු සේවය සිහිගන්වනු වස් චන්ද්‍රයාගේ පවතින සුවිශේෂි භූ ලක්ෂණ දෙක හයිපතියා භු ලක්ෂන යනුවෙන් නමි කර තිබෙි.

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම