රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!

-කේ. සංජීව-

මේ දවස්වල දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා ලොකු කතාවක් යනවානේ. මේකත් IMF යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි සිදුවෙන්නේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහට පුලුවන් නම් සිංගප්පූරුවේ වගේ නීතියක් ගේන්න දූෂණය සම්බන්ධව. අපිට තොරතුරු ආරක්ෂණ පනත වගේ දේකට සිංගප්පූරුව ආදර්ශයට ගන්න පුලුවන් නම් මේවගේ දේකට බැරිවෙන්න විදිහක් නෑනේ. අනික අපි හැමදාම කතාකළේ මේ රට සිංගප්පූරුවක් කරනවා කියලනේ.
විජේදාස රාජපක්ෂ වගේ කෙනෙක්ගේ අතින් සිංගප්පූරුවේ තරම් ප්‍රභල ලෝකෙටම ආදර්ශයක් වුණ නීතියක් සම්පාදනය වෙයි කියලා හිතන්න අපි මෝඩයෝ නෙවෙයි. ඒත් මේ වෙලාවේ සිවිල් සංවිධාන නායකයන්ට පුරවැසියන්ට, විශේෂයෙන් රනිල් වටේ ඉන්න සිවිල් නායකයන්ට විශාල වගකීමක් තියෙනවා මේ දූෂණ විරෝධී පනත ඇත්ත දූෂණ මර්දන පනතක් කරන්න අවශ්‍ය බලකිරීම කරන්න. ඒක කළේ නැත්තං මේකත් දේශපාලකයන්ට පැනලා යන්න අවශ්‍ය හිල් තියලා හදන නීතියක් වේවී..! දැනගන්න තියෙන විදිහට දැනට ගේන්න යන එක එහෙම එකක්..!

රනිල් කියන්නේ තමන් දකුණු ආසියාවේ හොඳම එක ගේනවා කියලා. ඒකට නම් හිනායනවා. මොකද දකුණු ආසියාවේ කිසිම රටක් තවමත් මේ දූෂණය පිටුදැකීම පිළිබඳව හොඳටම වැඩකරනවා පේන්නේ නෑ. ඉන්දියාව උනත් මෙතනදී අසමත්. එහෙම තත්ත්වයක් අස්සේ මොකක් හරි එකක් ගෙනාවත් ඒක දකුණු ආසියාවේ හොඳම එක වෙන්න පුලුවන්, ඒ නිසා මම නම් කියන්නේ පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගෙන්නල්ලා පෙන්වන්න.

ආසියාවට ගියාම ඉතිං සිංගප්පූරුව තියෙනවා හොංකොං තියෙනවා. ඒ නිසා බොරු බයිලා ගහන්න එන්න එපා පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගෙනල්ලා පෙන්වන්න..! දූෂණයට වංචාවට තිත තියන්නේ නැතිව රටක් හදනවා කියලා කියන්නේ ඒක මායාවක් විතරයි.

Social Sharing
ආර්ථික නවතම