රනිල්ටත් පොදු අපේක්ෂ්ක හීනයක්…!

නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම ලබන දෙසැම්බරයේ පවත්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුලින් සිතා සිටියත් දැන් එය එලබෙන 2024 අවුරුද්දේ මැදට වෙන්නට පවත්වන බව සිරිකොත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව එජාපය සහ පොහොට්ටුව එකතුවූ නව පොදු දේශපාලන පෙරමුණකින් රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්නට සැළසුම් කර ඇතැයිද එම පෙරමුණ සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරිකයන් එකතු කරගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයිද දැනගන්නට ලැබේ.

මෙහිම එක පියවරක් ලෙස ජනතා අප්‍රසාදයට ලක්වී සිටින පොහොට්ටු පක්ෂයට නැවත ජනතා සහාය දිනාගැනීම සඳහා රටපුරා සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වෙන අතර මෙහි තවත් පියවරක් ලෙස සජබේ විශාල පිරිසක් කඩාගැනීම සඳහා හරින් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් සාකච්ඡා ඉදිරියට යන බව දැන ගන්නට ඇත.

Social Sharing
නවතම පුවත්