දෙසැම්බරයේ ජනපතිවරණයක්..!

එලබෙන දෙසැම්බරයේ ජනාධිපතිවරණ පැවැත්වීම කෙරෙහි ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපති වරයෙක් ට සොය ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවිය හැකිවුණත් අනුප්‍රාප්තිකය ජනාධිපතිවරයෙක් හට එම අවස්ථාව ව්‍යවස්ථාවෙන් හිමි නොවෙයි.

එහෙත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සජබ සහ ජවිපේ සහයෝගය ඇතුව ව්‍යවස්ථාවේ එම වගන්තිය පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් සංශෝධනය කරන්නට අදහස් කරන බවත් ඒ හරහා ජනාධිපතිවරණයට පාරකපා ගැනීමට සැළසුම් කරමින් සිටින බවත් දැනගන්නට ලැබේ.

දැනට පොහොට්ටුව මේ සඳහා සිය කැමැත්ත පළකර ඇති අතර මීට සජබ සහ ජවිපේ ද සාධනීය ප්‍රථිචාරයක් ඇතැයි දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම පුවත්