ලබන 29න් පස්සේ ඉන්දියාවට මූදෙන් යන්න පුලුවන්..!

එලබෙන අප්‍රේල් 29 දා සිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මූදු මාර්ගය ඔස්සේ මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරන බව රජය ප්‍රකාශ කරයි.

මෙම සේවාව ප්‍රථමයෙන් ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා ක්‍රියාත්මක වෙනු ඇති අතර මේ වනවිට නාවික හමුදාව ඒ සඳහා කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව මේ සඳහාම කන්කසන්තුරේ වරාය පරිශ්‍රය තුළ නව මගී පර්යන්තයක් ඉදිවෙනු ඇත.

මුලිම මෙම සේවාව තුළින් එක් යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට පමණ ගමන් කළ හැකිවනු ඇති අතර අදාළ ගමනාන්තය සඳහා පැය 4ක කාලයක් වැයවනු ඇතැයි ප්‍රකාශ වෙයි. එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කිරීමට නියමිත අනුව ඒ අනුව එක් මගියෙකුට කිලෝ 100ක භාණ්ඩ රැගෙන යාමට සහ රැගෙන පැමිණීමට හැකිවනු ඇත. මෙමගිනි ව්‍යාපාරික අවස්ථාවන් උත්පාදනය වෙනු ඇතැයි තම අපේකෂාව බව රජය ප්‍රකාශ කරයි.

 

Social Sharing
නවතම පුවත්