දූෂණ විරෝධී ප්‍රථිසංස්කරණ ඕනී – IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා

ශ්‍රී ලංකාවට පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට නම් දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණයන් ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි.

ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බවත් එම ප්‍රතිසංස්කරණයන් සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් සහිතව විස්තීර්ණ අරමුදල් පහසුකමට සහාය දක්වන වැඩසටහන කඩිනම්ව සහ කාලීනව කාර්‍යක්ෂමව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් ඇය ප්‍රකාශ කරයි.

ඇය ප්‍රකාශ කරන ආකාරයට ඒ සඳහා මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම, බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම, දුෂණ මැඬලීමේ අඛණ්ඩ උත්සාහයන් පවත්වාගෙන යාම ඉතා වැදගත්.

Social Sharing
ආර්ථික නවතම පුවත්