වර්ජනය සාර්ථකයි – ජෝසප් ස්ටාලින්

pension department Retirement Gratuity ceylon teachers union Joseph Stalin

අද ක්‍රියාත්මක එක් දින සංඛේත වැඩ වර්ජනය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර ඇතුලු සමස්ථ පාසල් පද්ධතියම වසා ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා අධ්‍යාපන ක්ෂ්ත්‍රය තුළ වර්ජනය 100%ක්ම සාර්ථක බව ප්‍රකාශ කළේය. ඊට අමතරව තැපෑල තුළ වර්ජන ක්‍රියාවලිය සාර්ථක වී ඇති බවත් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයට එකතුවී සිටීම නිසා දුම්රිය අංශය තුළ ද වැඩ වර්ජනය සාර්ථක බව ප්‍රකාශ කළේය.

අද ක්‍රියාත්මක වැඩ වර්ජනය පිළිබඳව ආණ්ඩුව තමන්ගේ සුපුරුදු උද්දච්චකමින් මිදී කල්පනා කළ යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා ආණ්ඩුව මේ සඳහා සාධනීය ප්‍රථිචාරයක් නොදක්වා සිටිය හොත් ඉදිරියේ දී මීට වඩා බරපතළ තීන්දු තීරණ ගන්නට සිදුවෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝහල් තුළ කටයුතු ද අඩපන වී ඇති බව වාර්තා වෙන අතර වරාය සේවක වර්ජනය නිසා අකර්මන්‍ය වූ වරාය කටයුතු නාවික හමුදාව යොදාගෙන සක්‍රීය කිරීම සඳහා ආණ්ඩුව උත්සාහයක් ගනිමින් ඇතැයි වාර්තා වෙයි.

-කේ. සංජීව-

Social Sharing
නවතම පුවත්