මිලියන 5 ක ජනතාවට සාධාරණය ඉටු කරනවා – ජනක

තමන්ගේ අනුදැනුමකින් තොරව විදුලිය ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, තමන් පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවය.

සංචාරයක් නිමකර ඊයේ යළි තම කාර්යාලය වෙත පැමිණීමෙන් පසු ඔහු පැවසුවේ සති දෙකකට පෙර විදුලිය ගාස්තු ඉහළ නංවා ඇති බවය

ඔහු පෙන්වා දුන්නේ අඩුම ආදායම් ලබන විදුලිය ඒකක 30 ත් 90 ත් අතර පරිභෝජනය කරන මිලියන 5 ක ජනතාවගේ විදුලිය ගාස්තු වැඩි කර ඇති බවය. වැඩි කර ඇති ප්‍රතිශතය 250% කි.

සභාපතිවරයා සඳහන් කළේ තමන්ගේ වියදමින් තමන් අධිකරණය හමුවට ගොස් අඩු ආදායම් ලාභීන්ට සාධාරණය ඉෂ්ඨ කර දීමට බලාපොරොත්තු වන බවය.

-නිව්ස්පීඩියා-

Social Sharing
නවතම පුවත්