ඖෂධ හිඟය දරුණුයි.. සැත්කම් නවතියි?

පවතින තත්ත්වයට රජය ඉක්මන් ප්‍රථිචාර නොදැක්වුවහොත්, රජය ප්‍රකාශ කරන අත්‍යාවශ්‍ය ශල්‍යකර්මයන්ද නතර කරන්නට සිදුවෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් සංජීව කියා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන බව පවසමින් සමහර ශල්‍යකර්ම කල් දැමීමට යෝජනා කර ඇත්තේ නිර්වින්දන ඖෂධ හිඟය නිසා බවයි. මෙම නිර්වින්දන ඖෂධ හිඟය ඇතුලු වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳව මීට මාස ගණනාවකට පෙර රජයේ බලධාරීන් දැනුවත් කළ බවද ඒ මහතා ප්‍රකාශ කරන්නේ රෝගී ජීවිතාවදානම ගැන සලකා රජය වහාම මේ සම්බන්ධයෙන් පියවරයන් ගත යුතු බවයි.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කියා දෙයක් නැතැයිද එසේ කියමින් සැතකම් ප්‍රමාද කිරීම නිසා රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇතිබවද ප්‍රකාශ කරන ඒ මහතා කිසිවෙක් කිසිම අවස්ථාවක විනෝදයට ශල්‍යකර්ම සිදු නොකරන බව අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්