මෛත්‍රීපාල රුපියල් මිලියන 100ක් වන්දි ගෙවිය යුතුයි…!

pasku

කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ 2019 අප්‍රෙල් 21 තස්ත්‍ර ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අද(12) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

පාර්ශවකරුවන් 12දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් එම අධිකරණය අද (12) දිනයේ දී තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කර ඇත්තේ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක්, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බවට නියෝග කර ඇත.

ඊට අමතරව රජය විසින් රුපියල් මිලියනයක් වන්දි ගෙවිය යුතු බවට ද අධිකරණය නියෝග කර ඇත.

Social Sharing
නවතම පුවත්