පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා

 

ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් එරට නීති පද්ධතිය මගින් මෙම රාජ්‍ය බලධාරීන් සිව් දෙනාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනවාරි 10 වන දින විරෝධතාකරුවන් හූලියාකා නගරයේ ගුවන්තොටුපොළට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කිරීමේදී ගැටුම් උත්සන්න වී තිබේ.

එහිදී රජය විසින් සිය ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහාර සාධාරණීකරණය කර තිබුණ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පවසා ඇත්තේ මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

 

Social Sharing
නවතම විදෙස්