රැන්‍ටිසෙක් ප්ලනිකා

මේ දවස්වල මුළු  ලෝකයේම අවධානය යොමුවෙන්නෙ  පාපන්දුවට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඩොලර් මිලියන බිලියනගනන් වලින් ලෝක පාපන්දු සම්මේලනය දූශිත බව හෙලිවෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනියක් වූ ඊවා කාලි ( ග්‍රීසිය) කටාරයෙන් ඩොලර් මිලියන ගණනක අල්ලස් ගත් බව වාර්ථා වෙන්නෙත් මේ සතියේදීමයි.  පාපන්දු වෙනුවෙන් කටාරය වර්ණනාකිරීමේ ගාස්තුව.

ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් තමන්ගෙ ප්‍රථිරූපය රැකගන්න මාධ්‍ය ආයතන වලට ඩොලර් .. යූරෝමිලියන බිලියන ගනන්ගෙවද්දි කතංදර විශ්වාස කරන රසිකයන් ක්‍රීඩකයන්ව දේවත්වයෙන් පුදනව.  එක අතකට මේ ක්‍රීඩකයන්ට වෙන විසඳුමක්නැහැ සමාජය විසින් ඔවුන් මත පටවන ප්‍රථිරූපය නඩත්තු කරනව හැරෙන්න.

සමාජ මාධ්‍යයේ වුනත් මේ අය ගැන ලස්සන කතංදර සැරිසරනව අපිට දකින්න පුළුවන්.

තමයි අපි ජීවත් වෙන සමාජය.

අද ක්‍රීඩාව තනිකරම මුදලට හා දේශපාලන ගැටවලට හසුවුනු කැඳහැලියක් වුනත් ක්‍රීඩාව තුලින් මතුවුනු සැබෑ මනුශ්‍යයන් අපිටකිසිම විටෙක අමතක කරන්න බෑ.

පේලේදියාගෝ මැරඩෝනාසිනෙඩින් සිඩාන්ජෝර්ජ් බෙස්ට් වගේ ක්‍රීඩකයන් පාපන්දු ලෝකයේ ලස්සන මතක විදිහට ඉතුරුවෙද්දි ෆ්‍රැන්ටිසෙක් ප්ලනිකා (František Plánička ) කියන නම අහල තියෙන්නෙ කීයෙන් කීදෙනාද කියන ප්‍රශ්ණය ඉතුරු වෙනව.

එක්දාස් නවසිය තිහ දශකයේ ලෝකය් හිටපු දක්ශතම දැල් රකින්නෙක්.. ක්‍රීඩකයෙක් .. විදිහට සැලකෙන්නෙ චෙකෝස්ලෝවැකියාපාපන්දු කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වූ ප්ලනිකා බව පාපන්දු ලෝකයට රහසක් නෙවේ.

ප්‍රාග් කැට් (Prague Cat) එහෙමත් නැත්නම්ප්‍රාග් පූසාවිදිහට හැඳින්වෙන ෆ්‍රැන්ටිසෙක් අදටත්  චෙක් රාජ්‍යයෙන් බිහිවූදක්ශතම දැල්  රකින ක්‍රීඩකයා විදිහට සැලකෙනව.

ඒක හරියට  අද ලංකාවේ ක්‍රිකට් ක්ශේස්ත්‍රය ගත්තොත් දක්ශතම කඩුළු රකින ක්‍රීඩකයන් විදිහට කුමාර් සංගක්කාර.. අමල් සිල්වාහෝ මහේශ් ගුණතිලක ගැන කතාකරනව වගේ කතංදරයක්.

ස්ලාවියා ප්‍රාග් පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ලීග ශූරතාව අටවරක්…. ජාතික ශූරතා හය වරක් සහ මහද්වීප ශූරතාවතමන්ගෙ කණ්ඩායමට දිනා දෙන්න සමත්වෙන ප්ලනිකා ප්‍රාග් නුවර වගේම මුළු චෙකොස්ලෝවැකියාව පුරාම ආදරයෙන් සලකනක්‍රීඩකයෙක්.

ප්ලනිකා දැල ඉස්සරහ ඉන්නව නම් ප්‍රථිවාදී කණ්ඩායමට ක්‍රීඩකයන් විසි දෙදෙනෙක් හිටියත් මම බය නෑ”. මෙහෙම කියන්නෙජොසෙෆ් ස්ටොරිකී .. දවස්වල චෙක් කන්ඩායමේ හිටපු දක්ශතම ප්‍රහාරකයා.

අපි මේ කතා කරන්නෙ 1934 අවුරුද්ද ගැන.  ලෝක පාපන්දු ශූරතාව පැවැත්වෙන්නෙ ඉතාලියේ.

අද වගේම තමයි…. ලෝක පාපන්දු ශූරතාව කියන්නෙ දේශපාලන බලය ඉස්මතු කරන බොහොම වැදගත් අවස්ථාවක්.

නාසි ජර්මනියේ හිට්ලර් හිස ඔසවන මේ කාලයේ සෝවියට්  රුසියාව ජෝශප් සටාලින්ගේ දඬු අඬුවෙන් පීඩා විඳිද්දි ඉතාලියේබෙනිතෝ මුසෝලිනී ( Benito Mussolini ) එයාගෙ දරුණු ඒකාධිපති චරිතයට පන පොවනව.

පහුගිය ශූරතාවලියේ ශූරයන් වූ උරුගුවේ කණ්ඩායම තරඟාවලිය වර්ජනය කරන්නෙ ඉතාලියේ වගේම යුරෝපයේ දේශපාලන හාක්‍රීඩා ගුනමකුකම් නිසා බව පුවත් පත් වාර්ථා කරනව.

ඉතාලි පාපන්දු කණ්ඩායම බොහොම දක්ශයි…..  අයට ඇති තරම් පහසුකම් ලැබෙනව ඉතාලි රජයෙන්. ඒකට එක් හේතුවක්තමයි බෙනිතෝ මුසොලිනී දැඩි පාපන්දු ලෝලියෙක් වීම.

ඉතාලි පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරනව කියන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්.

ඒකට හේතුව හොඳින් ක්‍රීඩා කරොත් මිළ මුදල්යාන වාහන…. ඇති තරම් රජයෙන් ලැබෙනව වගේම අය අසමත් වුනොත්මුසොලිනීගේ දඬු අඬුවෙන් ගැලවෙන්න නොහැකිවීම.

කණ්ඩායමේ ස්ථානය විතරක් නෙවේ සියළුම වත්කම් අහිමි වෙන්න පුළුවන් ක්‍රීඩකයන්ට.

විතරක් නෙවේ සමහර ක්‍රීඩකයන් සදහටම අතුරුදන් වෙලා තියනව මුසොලිනීගේ උදහස නිසා.

හිට්ලර් තමන්ගෙ ජර්මන් නාසීන් වර්ණනා කරනව වගේමබෙනිතෝ මුසොලිනී එයාගෙ ඉතාලි පාපන්දු කණ්ඩායම බොහොමඉහලින් වර්ණනා කරන්නෙ තමන් විසින් මේ කණ්ඩායම නිර්මාණය කරපු විදිහට.

ඔස්ට්‍රියාව.. ජර්මනියස්පාඥ්ඥය සහ ඉතාලිය මේ තරඟාවලියෙ දක්ශතම කණ්ඩායම් අතරට එක්වෙද්දි වැඩි දෙනෙක් කතාකරන්නෙ ෆ්‍රැන්ටිසෙක් ප්ලනිකාගෙ චෙකොස්ලෝවැකියා කණ්ඩායම ගැන.

ප්ලනිකා දැල් රකින ක්‍රීඩකයා වගේම කණ්ඩායමේ නායකයා. එයා යටතේ එකතු වෙන චෙකොස්ලෝවැකියා කණ්ඩායම පරාජයකරන එක ලේසි පහසු වැඩක් නෙවේ.

තරඟාවලියේ කළු අස්සයා චෙකොස්ලෝවැකියාවඑක විචාරකයෙක් කියනව.

ප්ලනිකා වගේ පියාඹන අස්සයෙක් කණ්ඩායමේ ඉන්දැද්දි ප්‍රාග් නුවර කන්ඩායම පරාද කරන්න කාටද පුළුවන්. තවත් විස්තරයකසඳහන් වෙනව.

මෙන්න මේ තත්වය යටතේ තමයි ඉතාලිය හා චෙකොස්ලෝවැකියාව අවසන් තරඟයට සුදුසුකම් ලබන්නෙ.

මේ තරඟ පැවැත්වෙන්නෙ ඉතාලියේ අග නගරය වූ රෝමයේ.

හිතුව වගේම බෙනිතෝ මුසොලිනී භීශණය පතුරුවනව.

වඩා දක්ශ ඉතාලි කණ්ඩායම. අපි අනිවාර්‍යයෙන්ම මේ ශූරතාව දිනන්න ඕනෙ.

චෙකොස්ලෝවැකියාව හොඳින් මතක තියා ගන්න ඕනෙ සාධාරණව සෙල්ලම් කරන්න.

උඹල කැත විදිහට සෙල්ලම් කරනවදඉතාලි කණ්ඩායම පුළුවන් ඊට වඩා බොහොම කැත විදිහට සෙල්ලම් කරන්න.

මොනව වුනත් අළුතෙන් හිතන්න දෙයක් නෑ ඉතාලිය අනිවාර්‍යෙනම මේ තරඟය දිනනව.”

බෙනීතෝ මුසොලිනී ලෝක මාධ්‍ය අමතමින්  මෙහෙම කියනව.

අතරෙ කීප වරක්ම ඉතාලි පාපන්දු කණ්ඩායම මුණ ගැහෙන මුසොලිනී අයට කියන්නෙ තරඟය හා කුසලානය අනිවාර්‍යෙන්මදිණිය යුතු බවත්, හැර වෙන විකල්ප ඉතුරුවෙලා නැති බවත්.

එක්කම පහු කාලීනව ඉතාලි ක්‍රීඩකයන් කියනව තරඟය පැරදුනොත් කිසිම ක්‍රීඩකයෙක්ට ආයෙ කිසිම දිනක පාපන්දු ක්‍රීඩාකරන්නෙ වෙන්නෙ නැති බවට තමන් සහතික වෙන බවට මුසොලිනී තර්ජනය කරපු බවයි.

පැරදුනාට පස්සෙ ආපහු පාපන්දු සෙල්ලම් කරන්න… ? ඒකට උඹල ජීවත් වෙලා ඉන්න ඕනෙකවුද දන්නෙ සෙල්ලම් කරන්නකකුල් ඉතුරු වෙයිද කියල…”  බෙනිතෝ මුසොලිනී මේ කියන්නෙ තරඟය පැරදුනොත් එක ක්‍රීඩකයෙක්ටවත්  ජීවත් වෙන්න ඉතුරුනොකරන බව කියල හැමෝටම තේරෙනව.

1934 ජූනි දහ වෙනිදා රෝමයේ ජාතික පාපන්දු ක්‍රිඩාංගණය අතුරු සිදුරු නැතිව පිරෙනව.

මේ නරඹන්නන් අතරෙ කාගෙත් අවධානය දිනාගන්නෙ ඉතාලියෙ අසාහය නායකයා බෙනිතෝ මුසොලිනී මහත්තයා බව අමුතුවෙන්කියන්න ඕනෙ නෑ.

මෙතෙක් පාපන්දු ඉතිහාසයේ පැවත්වෙන තියුණුම තරඟය මේ බව විචාරකයන් කලින්ම අනාවැකි කියනව.

හිතුව විදිහටම තරඟය බොහොම තියුණුයි.

තරඟයේ හැත්තෑවෙනි මිනිත්තුවේදී චොකොස්ලෝවැකියාව පලවෙනි ගෝලය වාර්ථා කරන්නෙ ප්‍රේක්ශකාගාරයේ වැඩි පිරිසක්නිහඬ වෙද්දියි.

අන්තොනින් පුක් වාර්ථා කරන මේ ගෝලයත් එක්ක චෙකොස්ලෝවැකියාව පෙරමුණ ගන්නව.

චෙක් ක්‍රීඩකයනේ මුහුණෙ ඇඳෙන හිනාවට වඩා ඉතාලි ක්‍රීඩකයන්ගේ බය වුනු මුහුනු ගැන ට්‍රිබියුන් ජිනීව් පුවත්පත වාර්ථාකරනව. “රෝමයේ පාපන්දු ක්‍රීඩාංගණය හරියට කොලෝසියම වගේ.  ග්ලැඩියේටර් වරු සටන් කරද්දි රෝම පාලකයන් ඔල්වරසන්දුන් විදිහටම ඉතාලි ක්‍රීඩා ලෝලීන් වගේම ඉතාලි නායකයාත් කෑගහනව.

ඒත් ඉතාලි ක්‍රීඩකයන්ගේ මුහුණු වල තියෙන්නෙ අමුතු විදිහෙ හැඟීමක්

ඒත් තරඟය ඉවර වෙන්න මිනිත්තු දහයක් තියෙද්දි ඉතාලියේ රයිමුන්දෝ බිබියානි වාර්ථා කරන ගෝලයත් එක්ක තරඟය සමානවෙනව.

මේ නිසාමයි තරඟය අතිරේක කාලයට යොමුවෙන්නෙ. මේ කාලය තුල ඉතාලිය විසින් ගෝලයක් වාර්ථා කිරීම අනිවාර්‍ය වෙන්නෙදඬුවම් පහර වලට තරඟය යොමුවුනොත් ප්ලනිකාගෙ දැල් රැකීමේ දක්ශතාවත් එක්ක චෙකොස්ලෝවැකියාවේ ජයග්‍රහණයපැහැදිලි නිසයි.

අතිරේක කාලයෙන් විනාඩි පහක් ගතවෙද්දි ඉතාලියේ ඇන්ජෙලෝ ශියාවියෝ පහසු ගෝලයක් වාර්ථා කරන්නෙ බෙනිතෝමුසොලිනී උඩ පනිමින් ඔල්වරසන් දෙද්දියි.

(Angelo Schiavio – 95 minutes)

තමයි ඉතාලියේ ජයග්‍රහණය.   ඔලිම්පික් ශූරයන් වූ ඉතාලිය ලෝක ශූරයන් බවට පත්වෙන්නෙ චෙකොස්ලෝවැකියාව ගෝලදෙකට  එකක් ලෙස පරාජය කරමින්.

කොහොම වුනත් ඇන්ජලෝ සියාවියෝ වාර්ථා කරපු දෙවනි ගෝලය ගැන විවිධ පුවත්පත් වාර්ථා කරන්නෙ විවිධාකාරයේ ප්‍රවෘත්ති.

ප්‍රාග් පුසා විදිහට හැඳින්වෙන ෆ්‍රැන්ටිසෙක්ට මේ වගේ ප්‍රහාර වලක්වල හොඳට පුරුදුයි.

නමුත් එයා අවස්ථාවෙ සථානගත වුනු ආකාරය ගැනත් වේගය ගැනත් ක්‍රීඩා විචාරයකයන් සැක පහල කරනව.

වාර්ථා කරුවන්ට උත්තර දෙමින් ෆ්‍රැන්ටිසෙක් කියන්නෙමේ ජයග්‍රහණය තනිකරම ඉතාලි කණ්ඩායම තමන්ගෙ දක්ශතාවයෙන්ලබාගත් එකක්බවයි.

මගේ කණ්ඩායමේ ක්‍රීඩකයො පුදුමාකාර උවමනාවකින් ක්‍රීඩා කලා…. මේ වගේ කන්ඩායමක් මගෙ ජීවිතේට මම ආයෙත් නොදකිනබව මම දන්නව.   අපි කණ්ඩායමටත් වඩා එක පවුලක්.”

නමුත් අද වඩා දක්ශ කණ්ඩායම ඉතාලියයි.   හැර මොනව කියන්න්ද අය මේ ජයග්‍රහණය ලබාගත්තේ කැපවීමෙන් හාදක්ශ කමින්ෆ්‍රැන්ටිසෙක් නොකඩවා කියන්නෙ එකම කතාව.

එතනින් පස්සෙ මේ තරඟය හෝ තරඟාවලිය ගැන කතා කරන එක ෆ්‍රැන්ටිසෙක් ප්‍රථික්ශේප කරන්නෙ අතීතය තියන තැනමතියෙන්නෙ හැරීම වඩා සුදුසු බව කියමිනුයි.

ඉතාලි කණ්ඩායම ජාතික වීරයන් බවට පත්වෙද්දි ප්‍රාග් නුවර වැසියන් ෆ්‍රැන්ටිසෙක් ප්‍රමුඛ කන්ඩායම පිලිගන්නෙ තමන්ගෙ වීරයන්විදිහට.

මේ තරඟාවලියෙන් පස්සෙ ෆ්‍රැන්ටිසෙක් ජාත්‍යන්තර තරඟ වලට සහභාගි වීම අඩු කරනව වගේම එතනින් වසර හතරකට පස්සෙජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගන්නෙ නවකයන්ට තැන දිය යුතු බව කියමින්.

1938 අවුරුද්දෙ ලෝක පාපන්දු ශූරතාවලියේ බ්‍රසීලයට එරෙහිව පැවැත්වුනු තරඟයේදී තුවාල ලැබුවත් තරඟය අවසන් වනතෙක්ම තරඟ කරපු ප්ලනිකාව ලෝක මාධ්‍ය ඉහලින්ම වර්ණනා කරනව.

මේ වෙද්දි චෙකොස්ලෝවැකියාව නාසි ජර්මනියේ යටත් රාජ්‍යයක්.

ඉන් පස්සෙ සෝවියට්වරුන් ප්‍රාග් නුවර ආක්‍රමනය කරද්දිත් ෆ්‍රැන්ටිසෙක් නගරයේ වැසියෙක්.

1985 අවුරුද්දෙ යුනෙස්කෝ ආයතනය විසින් ලොව සාධාරණම ක්‍රීඩා විලාශයක් ඇති ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනමන්නෙෆ්‍රැන්ට්සෙක් ප්ලනිකාට.

ඔලිම්පික් පදක්කමක්ලෝක ශූරතාවයක් ලබාගන්න තිබ්බ නම් වඩා හොඳයි.

නමුත් මේ ආපු ගමන ගැන මම සංතෝශ වෙනව. පාපන්දු හරහා මට ලැබුණු ආදරය ගැන කියන්න මට වචන නෑ….  අතින් මමහරිම වාසනාවන්තයි.”

ප්ලනිකා මෙහෙම කියනව තමන්ට හිමි සම්මානය ලබා ගනිමින්.

1996 අවුරුද්ද…. ආක්‍රමණ හා යුද්ධ  වගේම කාලයත් එක්කත් සටන් කරපු චෙකොස්ලෝවැකියා කණ්ඩායමේ අන්තිමසාමාජිකයා වෙන්නෙ ප්ලනිකා.

ෆ්‍රැන්ටිසෙක් නිහඬ ජීවිතයක් ගත කරපු සරල මනුස්සයෙක්.

දක්ශයන් හා වීරයන් කොහොමත් වැඩිය හඬක් නගන මිනිස්සු නෙවේ. අය ඉන්නෙ සෙලෝලයිට් මාධ්‍ය ලෝකයෙන් ටිකක් ඈතටවෙන්න.

1996 ජූලි විසිවෙනිදා ප්‍රාග් නුවරදී ෆ්‍රැන්ටිසෙක් තමන්ගෙ ගමන නිමා කරනව.

අනූ ගනන් වල ප්‍රාග් නගරයේ බ්ලෙස්ක් ක්‍රීඩා පුවත්පත වාර්ථා කරනව ෆ්‍රැන්ටිසෙක් ප්ලනිකා විසින් දිනාගත් සම්මානපදක්කම් හාකුසලාන පිලිබඳව.

මේ පදක්කම් අතරෙ බොහොම රහසින් පරිස්සම් කරපු ඔලිම්පික් පදක්කමක් ගැන ප්ලනිකාගෙ පවුලේ සාමාජිකයන් සඳහන්කරනව.

1936 ඔලිම්පික් රන් පදක්කමහරියටම කීවොත් පාපන්දු රන් පදක්කම.

අවුරුද්දෙ ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තෙ ඉතාලිය බව කවුරුත් දන්න කාරණයක්.

උඹ අපේ ජීවිත රැකල දුන්නා……. ආදරෙයි. වෙන මොනව කියන්නද.

ඇන්ජෙලෝ ශියාවියෝ.

( You saved Our Lives, what to say more. With Love)

මේ පදක්කමත් එක්ක ලියපු කුඩා සටහනක් ගැන පුවත්පත වාර්ථා කරනව.

ඇන්ජලෝ ගැන කවුද නොදන්නෙ.

ඉතාලි මාධ්‍ය මේ පුවත බැහැර කරනව. මේ සිද්ධිය ගැන  ලෝක මාධ්‍ය ප්‍රසිද්ධියක් නොදීම සාධාරණයි.

ෆ්‍රැන්ටිසෙක් වැනි සාධාරණ ක්‍රීඩකයෙකුට ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්.

මොනව වුනත්ප්‍රාග් නුවර පූසා“. අදටත් සැලකෙන්නෙ චෙකොස්ලෝවැකියාව බිහි කරපු දක්ශතම හා ආදරණීයම ක්‍රීඩකයාවිදිහට.

ක්‍රීඩාවට වගේම මිනිස්සුන්ටත්මනුස්ස කමටත් එක විදිහට ආදරය කරන ක්‍රීඩකයන් හරි අඩුයි.     වගේම ලෝක හිනි පෙත්තේඉහලින්ම බැබලෙන්න තියන අවස්ථාව වෙනත් කෙනෙක් හෝ වෙනත් පිරිසක් වෙනුවෙන් කැපකරල නිහඬ වෙන මිනිස්සු ඉතාමදුලභයි.

දුලභ වුනත්නැත්තෙම නෑ.

ෆ්‍රැන්ටිස්ක් ප්ලනිකා අපිට කියල දෙන්නෙ හරි වෙනස් කතංදරයක්.

වගේ පණිවිඩ තේරුම් ගන්න තරම් අද සමාජය බුද්ධිමත්ද කියන එක වෙනම කාරණයක්.

ටොමී ස්මිත්පීටර් නෝර්මන්විල්මා රුඩොල්ෆ් එක්ක එකට ලියන්න පුළුවන් තවත් නමක්…. ෆ්‍රැන්ටිසෙක් ප්ලනිකා.

František Plánička –  1904 – 1996

Malcom sang ෆේස්බුක් පිටුවෙන්

Social Sharing
අවකාශය නවතම