පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි

විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන්අයදුම්පත් කැඳවීමට එම පෙරමුණ මේ වන විට තීරණය කර තිබේ.

එමෙන්ම මෙම අයදුම්පත් සළකා බැලීමේ දී උගත්කම පිළිබඳව සේම ඔහු හෝ ඇය දේශපාලනයේ ප්‍රායෝගිකව නිරතව ගමේජනතාව සමග වැඩ කටයුතු කළ අයෙකුද යන්න පිළිබඳව මූලික අවධානය යොමු කරන ලෙස , මහින්ද රාජපක්ෂ විසින්පක්ෂයට දැනුම් දී තිබේ.

(Newspedia)

Social Sharing
නවතම