රනිල්ට පුලුවන් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මමලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන් ඒක අහන්න ඕනෑ / ඒක වෙනම කතාවක්) කොහොම වුණත් කවුරු මොනවා කීවත් රනිල් වික්‍රමසිංහමේ වෙනකොට මේ රටේ ජනාධිපති නැත්තං විධායකය. 21 කියලා එකක් ගෙනාවට ඒකේ ඇති දෙයක් නෑ. ඒනිසා අයෝමයබලයක් තියෙන අභිමතයට අනුව රිසි සේ ක්‍රියාත්මක වෙන්න පුලුවන් විධායක ජනාධිපති ඔහු. ඒනිසා ඔහුට පාරේ මේ පැත්තෙන්යන්න. පාරේ යනකොට ලයිසම අරං යන්න වගේ දේවල් කියන්න විතරක් නෙවෙයි ඒවා බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරවන්නත්පුලුවන්. මෙන්න මේ චිත්‍රය අස්සේ මට හිතුනා අවුරුදු 50ක් සම්පූර්ණ කළ මේ නීතීඥයාගෙන් මෙන්න මේ ටික අහන්න

මේ ප්‍රශ්න ටික මම අහන්නේ නීතියේ ආධිපත්‍යය මේ රටේ ස්ථාපනය කරන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බෑ කියන ස්ථාවරයේඉන්න මිනිහෙක් විදිහට. වංචාව දූෂණය අවසන් කරන්නේ නැතුව විදෙස් සංචිත මල්ල බර කරන්න පුලුවන් කියලා කවුරුහරිහිතනවානම් ඒක මරිමෝඩ චින්තනයක් මිසක් වෙන දෙයක් නෙවෙයි

මගේ ප්‍රශ්නාවලිය 

1/ තමන්ගේ අතිජාත මිත්‍රයා ලසන්ත වික්‍රමතුංග යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කොතරම් දුරකට කැපවෙන්නසූදානම්

(ඔහුට රාජ්‍ය නායකයා සේනාධිනායකයා විදිහට මේ ක්‍රියාවලියට පොලීසියට අණ දෙන්න පුලුවන් නැවත මේ පරීක්ෂණ ආරම්භකරන්න. ඊළඟට ඔහුට පුලුවන් තවමත් නිසියාකාරව සහාය නොදුන් යුද්ධ හමුදාවට සහ එහි බුද්ධි අංශයට උපදෙස් සහ නියෝගනිකුත් කරන්න පොලීසිය ඉල්ලන සියලු තොරතුරු ලබාදෙන්න කියලා

2. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණ නැවත සක්‍රීය කරන්න පුලුවන්. (දැනට මේ පරීක්ෂණඅවසන් වෙලා අධිචෝදනා ගොනුකළත් හමුදාවේ සහාය නැති නිසා එය නිසි ඉලක්කයට ගියා කියලා හිතන්න බෑ

3. මහින්ද රාජපක්ෂ පවුල කෙළින්ම සම්බන්ධ ඝාතනයක් වෙන වසීම් තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ සක්‍රීය කරන්න ජනාධිපතිවික්‍රමසිංහ මේ විදිහටම උපදෙස් දෙන්න පුලුවන්. එහෙම උපදෙස් දීලා එදා අරලියගහා මන්දිරය සහ ඝාතකයෝ අතරසිද්ධවුණ දූරකථන සංවාදයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය ආයතනවලට නියෝග දෙන්න ජනාධිපති වික්‍රමසිංහටපුලුවන්.  

4. තමන්ගේ වයෝවෘද්ධ අතිජාත මිත්‍රයා මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්න කොටි සංවිධානය සමග එකතුවෙලා කුමන්ත්‍රණයකරපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු ගැන සීඅයිඩීය කරපු පරීක්ෂණය නැවත සක්‍රීය කරන්න නියෝග දෙන්න ජනාධිපති වික්‍රමසිංහ පුලුවන්. එහෙම කරලා තමන්ගේ මිත්‍රයා මහින්ද රාජපක්ෂට යුක්තිය ඉටුකරන්න අවශ්‍ය නියෝග දෙන්න ජනාධිපති වික්‍රමසිංහ දැන්ඕනෑවටත් වඩා බලය තිබෙනවා

5. මෙහෙම පරීක්ෂණ සහ නීතියේ පාලනය ස්ථාපනය කරන්න නියෝග උපදෙස් දෙන ගමන් ඕනෑනම් රනිල් වික්‍රමසිංහජනාධිපතිවරයාට පුලුවන් තමන්ට 2005 ජනාධිපති වෙන්න ඉඩ නොදුන් වෙනුවෙන් කොටි සංවිධානය සමග කුමන්ත්‍රණය කළේකවුද? උතුරේ ඡන්ද වර්ජනයකට සැළසුම් කළේ කොහොමද ? ඒක ක්‍රියාත්මක කළේ කොහොමද ? කියලා අලුතින්ම පරීක්ෂණයක්කරන්න. එහෙමත් නැත්තං රාඩා ගනුදෙනු නමින් පහුගිය කාලේ සීඅයිඩී කළ පරීක්ෂණයම නැවත සක්‍රීය කරන්න සීඅයිඩීයටඋපදෙස් දීලා තමන්ටම යුක්තිය ඉටුකරගන්න ජනාධිපති වික්‍රමසිංහට පුලුවන් 

ඉතිං මම අහන්නේ වර්තමාන ජනාධිපති වගේම නීතීඥ වෘත්තියේ වසර 50ක් සම්පූර්ණ කළ මේ මිනිසාගේ විධායක ජනාධිපතිවිදිහට මෙන්න මේ ටික කරන්න ඔබට පුලුවන්

මම මේ ප්‍රශ්න ටික ඇහුවාම ජනාධිපතිවරයා සමග ඉන්න අපේ මිත්‍රයන් මගෙන් මෙහෙම අහන්න පුලුවන්රනිල් වික්‍රමසිංහකවදාවත් පොලීසියේ වැඩවළට අත දැම්මේ නෑ. දාන්නෙත් නෑ. ඔය වැඩ කරන්න ඕනී ජනාධිපති නෙවෙයි පොලීසිය – 

මෙහෙම කියන මගේ මිත්‍රයන්ට මම මෙහෙම කියන්න කැමතියිබැඳුම්කර සිදුවීම ගැන පරීක්ෂණ යනකොට සුජීව සේමසිංහටමෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් චෙක්පත් දෙකක් ගැන තොරතුරු අනාවරණය වෙනවා. මේ චෙක්පත් ගැන පරීක්ෂණ ඉස්සරහටයනකොට රනිල් වික්‍රමසිංහ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර සහා එවක සීඅයිඩියේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට අරලියගහාමන්දිරයට එන්න කියලා, මේ පරීක්ෂණය වහාම නතර කරන්න කියලා උපදෙස් දෙනවා විතරක් නෙවෙයි ශානි අබේසේකර ඒකටවිරුද්ධ වුණාම බූරුවා කියලා බැනලා එලවාගන්නවා.

ඒනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඕනෑ නම් මේ දේවල් කරන්න අමාරු නෑ. සඳහා ඔහුට ශක්තිය මේ ව්‍යවස්ථාවඕනෑවටත් වඩා දීලා තියෙනවා

රනිල් වික්‍රමසිංහ මේ රට දියුණු කරන්න මේ රට පළමු ලෝකයේ රටක් කරන්න හීනයක් තියෙනවා නම් ඔහුට සඳහා වැඩපටන් ගන්න තියෙන්නෙත් මෙතනින්. මේ පාර හැර සඳහා වෙනත් පාරක් නෑ

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග