ඩයනගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි ද..?

 

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන නඩුවක් සඳහා අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමජ ක්‍රියාකාරිකයකු වන කේෂර හේරත් මහතා ගොනු කළ තිබූ රිට් පෙත්සම තහවුරු කිරීමට මෙම 28 වැනි දා කරුණු ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළේය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකාරුණා සහ ධම්මික ගනේපොළ විනිසුරුවරුන් ඉදිරියේ සළකා බැලිණ.

 

(newspedia)

Social Sharing
නවතම