රාජ්‍ය සේවකයෝ අය වැයට එරෙහි වෙයි..!

2023 වසර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් යෝජනා නොකිරීම මත සියළුම රාජ්‍ය සේවකයන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.

ඒ මහතා පවසන්නේ 2016 වසරෙන් පසුව රාජ්‍ය සේවකයන්ට මෙතෙක් වැටුප් වැඩි වීමක් සිදු වී නොමැති බවයි.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන ලද බවත් එහිදී ඒ පිළිබඳව සලකා බලන බවත් ප්‍රකාශ කළ බවද ලේකම්වරයා තවදුරටත් පැවසීය.

(newspedia)

Social Sharing
නවතම