පොලිස් කොමිසමත් සුදු අලියෙක්..!

නීතී විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් වධහිංසා, බලය අයුතු ලෙස භාවිත කිරීම, පක්ෂග්‍රාහීත්වය යන චෝදනා මත පසුගියවසර 05 තුළ ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව චෝදනා 9200ක් එල්ල වී ඇති බව පොලිස් කොමිෂන් සභාව සතු වාර්තා වලින්හෙලිවී තිබේ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව දක්වන අන්දමට පොලිස් කොමිසමේ ආකාර්යක්ෂමතාව නිසා මෙසේ පැමිණිලි විසඳීමේප්‍රමාදය ඇතිව තිබේ. නමුත් පොලිස් කොමිසම පවසන්නේ කොවිඩ් වසංගතය නිසා ඇති වූ ගැටලුකාරී තත්වයන් නිසා පැමිණිළිවිසඳීම ප්‍රමාද වූ බවයි.

ජාතික පොලිස් කොමිසමට 2018 වසරේ දී රු.127, 764,000 ප්‍රතිපාදන ලැබී ඇති බව වාර්තාවල සඳහන් වේ. නමුත් ඔවුන්තාක්ෂණික ලෙස විසඳන පැමිණිලි පවා විසඳා නොමැති බව හෙලිවී ඇත. මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමසූ විටඔවුන් පවසන්නේ සාක්ෂි නොමැති වීම තුළින් පැමිණිලිකාර පාර්ශවය විසින් පරීක්ෂණ සඳහා සහභාගී නොවීම නිසා ඔවුන් එමපරීක්ෂණ පසුපස හබා යෑම සිඳු නොකළ බවයි.

පොලිස් කොමිසම පිහිටවනු ලද්දේ 2015 වසරේ, 19 වැනි සංශෝධනය තුළිනි. පොලිසිය විසින් මහජනතාවට සිඳුවනආකර්යක්ෂමතාව වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසිනි. නමුත් මේ වනවිට කොමිසමේ ආකර්යක්ෂමතාව නිසා මහජන මුදල්නාස්තිය පමණක් සිඳු වී ඇත.

Social Sharing
නවතම