රුපියල් 255ක එන්නත රුපියල් 40869කට අරගෙන

එන්නතක් රුපියල් 255ක මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබුණත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම එන්නත රුපියල් 40869 බැඟින් එන්නත් 1563 ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් වැය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.

එම දෙපාර්තමේන්තුව මෙම නිර්දේශ කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු මතය.

විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත් ඇස්තමේන්තු කළ මිළට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැය වෙන්නේ ලක්ෂ 4කට ආසන්න මුදලකි.

– news19 –

Social Sharing
නවතම පුවත්