ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට

 

කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තානු මාධ්‍ය වර්තා කරයි.

වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව ඇති අතර, ඔහු සැත්කමකට භාජනය කිරීමට සිදුවන ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජනතාව නොමග යවන සුලු ප්‍රකාශ හේතුවෙන් තමන් මෙම වෙඩි තැබීම සිදුකළ බව සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

Social Sharing
නවතම විදෙස්