ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ.

මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ, පසුගිය කොරෝනා සමයේ සහල් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැනවූ නඩුවකට අදාළව තමන්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවයි.

නඩුව මේ වන විට අවසන්ව ඇතත් පැන වූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබුණ ද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර නොමැති බවත් අද(28) දිනයේ එම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවත් රන්ජන් රාමනායක සඳහන් කළේ ය.

 

Social Sharing
නවතම