තිළිනිට දුන් සල්ලි නැවත ගන්න බෑ..?

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල්නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශසඳහන් කරන්නේ මේ වන විටත් එම මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් සැකකාරිය සතුව නොමැති බවට පරීක්ෂණවලින් තොරතුරුඅනාවරණය වී ඇති බවයි.

තැන්පත්කරුවන් තැන්පත් කළ බොහෝ මුදල් සැකකාරිය වියදම් කර ඇති බවත් මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා වූ කාලයතුළ ඇගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තැන්පත් වී තිබු නමුත් මේ වන විට එම ගිණුම්වල කිසිදුමුදලක් ඉතිරි වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.

තිළිණි ප්‍රියමාලි නැමැත්තිය මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතත් සම්බන්ධයෙන්පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතෙක් ඔවුන් ඉදිරිපත් වී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණි.

(ලංකාදීප)

Social Sharing
නවතම