වැස්සෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති

රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා කඩිනමින්සහල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

අනුව ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය හරහා වෙන් කර තිබෙන බවත් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් කඩිනමින්  සපයන ලෙසත්  එම ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක්යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යනදිස්ත්‍රික්ක 11කට බලපෑ තද සුළං, නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52පවුල් 15,404ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2022 ඔක්තෝබර් 16 දින නිකුත් කළ වාර්තාවේසඳහන් වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජීවිත හානි 03ක් වාර්තා වන අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාලලබා ඇත. පූර්ණ නිවාස හානි 05ක් , අර්ධ නිවාස හානි 193ක් සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් කර ඇත

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් පවුල් 439 පුද්ගලයන් 1927 දෙනෙක් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 21රඳවා සිටින බව එහි සඳහන් වේ.

Social Sharing
නවතම