අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10ක් නිදහස්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹවිශේෂ ත් රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චෝදනා වලින් විත්තිකරුවන් දස දෙනාව නිදහස් කිරීමට අද නියෝගකළේය.

විනිසුරු මඩුල්ලේ තුනෙන් දෙකක බහුතර තීන්දුවකිනි. චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරුමඩුල්ල හමුවේ දී නඩුව කැඳවිණ.

එම නඩුවේ විත්තිකරුවෙකු ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමද නම් කර ඇති බවත් භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකටපොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිනීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට මූලික විරෝධතාවක් ගොනු කර තිබිණ.

එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් බහුතරයක්ද එකී සමාගමේඅධ්‍යක්ෂවරුන් වන බැවින් එරෙහිවද එකී චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියෙන් විරෝධතා ඉදිරිපත් කළේය. අනුව පොදු දේපළ පනත යටතේ නැගෙන චෝදනා නොමැතිව සෙසු චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත් රණයලබන දෙසැම්බර් දහසය වෙනිදා පැවැත්වීමටද විනිසුරු මඩුල්ල දින නියම කළේය.

2015 වසරේ පෙබරවාරි 27 වෙනිදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 පාඩුවක් රජයට සිදු කිරීම ඇතුළුඅධිචෝදනා 23 ක් යටතේ නඩුව පවරා තිබිණ.

ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, සමාගම, අර්ජුන් ජෝසප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසප්ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුලුගල්ලේ, මුත්තු රාජා සුරේන්ද්‍රන් සහ අජහන් ගාර්දේ පුංචිහේවා එම නඩුවේවිත්තිකරුවන් ලෙස නම් කර තිබිණ.

අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයාවිසින් කර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කල කොළඹවිශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චෝදනා වලින් විත්තිකරුවන් දස දෙනාව නිදහස් කිරීමට අද නියෝග කරතිබෙනවා.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම