පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!

ශ්‍රී  ලංකාවේ  මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු ප්‍රධාන  පක්ෂ දෙකෙන්  මෑතකදී බිඳී ගිය  කණ්ඩායම් දෙකක්  මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත්,  විපක්ෂයත් ලබා ගැනීමේ අඩි තාලම දමමින් සිටී.

අගෝස්තු 5 බදාදා පැවැති ඡන්ද විමසීමේන් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනිමින්  ආණ්ඩු බලය හිමි කර ගන්නා බවට පෙර නිමිති පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ  පැරණිතම පක්ෂය වන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත්  එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වු සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ  විපක්ෂයට හිමිකම් කීමට නියමිතව සිටී.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ  ඉතිහාසයේ දරුණුම පසුබෑමට මුහුණ දී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික  ජන බලවේගය  මෙවර පාර්ලිමේන්තුවේ  තම බලය වැඩි කර ගන්නා අයුරක් මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිළුල අනුව පෙනෙන්නට තිබේ.

අගෝස්තු 6 බ්‍රහස්පතින්දා පස්වරු පහයි තිහ  වන විට නිකුත් කර තිබෙන ප්‍රතිළුල වලට අනුව  ඡන්ද 1,198,553 ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 67.72 % ප්‍රතිශතයක් ලබා පෙරමුණ ගෙන තිබේ.

ඡන්ද 329,123  ලබා  ගනිමින්   සමගි ජන බලවේගය  18.60 % ප්‍රතිශතයකුත් , ඡන්ද 86,999 ලබා ගනිමින් ජාතික ජන බලවේගය  4.92 % ප්‍රතිශතයකුත් ලබා ගනිමින්  දෙවන හා තුන්වන ස්ථානයන්හි පසුවේ.

ඡන්ද 43,569  ලබා ගනිමින්   2.46 % ප්‍රතිශතයකට හිමිකම් කියන උතුරු නැගෙනහිර පමණක් තරග වදින  ඉලංගෙයි තමිල් අරසු කච්චි පකෂය සිව් වන ස්ථානයේ පසුවේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි උතුරේ ඉදිරියෙන් ඉන්නා බව පෙන්නුම් කළත්, ඇතැම් ආසන වල දෙමළ පක්ෂ පරදවා  පොහොට්ටුව පෙරට පැමිණ සිටී.

පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!

Social Sharing
නවතම