“මැකෝ සුබ ගමන්” : අවසන් නිල මාධ්‍ය සාකච්ඡාව මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ  සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත් සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

1983 ජුලි 01 දා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණ පළවෙනි ඡන්ද විමසිම 1984 ඉඳන් අතුරු මැතිවරණ, පළාත් සභා මැතිවරණ රාශියක් සිදු ගානක් මිම්මක් නොමැතිව සිදු කල බවත් ඔහු පවසයි.

ඒ අනුව දැන් වසර 37 ක් මෙහි සේවය කර තිබෙන අතර මෙය අවසන් එක ලෙස සිතුවාට වරදක් නොවන බවද ඔහු සිනාහමුසු මුහුණින් කියා සිටියේය.

1998 ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්ව සිටියදි යාපනය තේරීම්භාර නිලධාරි ලෙස වැඩ කළ බවත් ඒ නිසා මේ ඡන්ද විමසීමේ නොකළ රාජකාරියක් නැති බවත් ඔහු කියයි.

මෙම දෙපාර්තමේන්තුවට එන්න පෙර එස්.පි.ඕ කෙනෙක් ලෙස සේවය කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි පසු 2003 සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වුයේ තමන් බවද පවසයි.

Social Sharing
නවතම