ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාරඅර්බුදයකින් පෙළෙන බවයි. අනුව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ලංකාවත් ඇතුළත් කර තිබේ.

ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්කළේ

අනුව ඔවුන් පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතරඅදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවයි.

උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහයේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම දේශගුණික විපර්යාස, කලාපීය ගැටුම් සහ වසංගත තත්ත්වයන් එම ආහාර අර්බුදයට හේතුවී ඇති බව ජාත්‍යන්තර මුද්‍ය අරමුදල පෙන්වා දෙයි

Social Sharing
ආර්ථික නවතම