“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” -හිටපු කථානායක

මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා.

මේ තොරතුරු දැන ගැනීමේ පනත වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් තම ජීවිත පවා පූජා කරලා තියනවා.

තොරතුරු සැනගැනීමේ පනත බලාත්මක වීමෙන් පසුව රට වෙනස් වීමකට ලක් වුණා. ඒ වගේමයි මෙම පනත බලාත්මක වීමෙන් පසුව සත්‍යය වසන් කිරීමට නොහැකි සහ දූෂණය අවම කිරීමට හැකි පරිසරයක් ඇති වී තිබෙනවා.

මේ වන විට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පිළිබඳ අද වන විට සමාජයේ විශාල අවබෝධයක් ඇති වෙලා තිබෙනවා.

හිටපු කතානායක කරූ ජයසූරිය මෙම අදහස් දක්වා සිටියේ “තොරතුරු වෙත ප්‍රවේශය තහවුරු කරමු අයිතිය සුරකිමු “ මැයෙන් තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය පිළිබඳ ජ්‍යාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ (28) බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හී පැවැත්වූ වැඩසටහනට සහභාගී වෙමිනි.

මේ සඳහා කරූ පරණවිතාන, කේ.ඩබ්. ජනරංජන ඇතුලු විද්වත් පිරිසක් එක්ව සිටියේය.

Social Sharing
නවතම