රැජිණ ගේ දේහය එඩින්බරෝ වෙත

රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගත් රිය පෙරහර එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාළිගයට ළඟා විය.

ඒ බැල්මරෝල් මාලිගයේ සිට පැය  6 ක ගමනකින් පසුවයි.

දහස් සංඛ්‍යාත පිරිසක් රැජිණ වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කළහ.

රිය පෙරහරේ  ඇගේ දියණිය වන ඈන් කුමරිය ද ගමන් කරන අයුරු දක්නට ලැබිණ.

96 වැනි වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා සිදු කිරීමට නියමිතයි.

ඒ වින්සර් මාළිගයේ රාජකීය සුසාන භූමියේදීයි.

Social Sharing
නවතම විදෙස්