ස්මාර්ට් ෆෝන් මිළ අහසට

ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න පවා කිව නොහැකි බවය.

මිල ඉහළ යාමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත්, මේ ආනයන සීමා කිරීම් සිදු කිරීමට පෙරාතුව ද, ස්මාර්ට් ජංගම දුරකතනවල මිල තුන් ගුණයක පමණ ප්‍රමාණයකින් මේ වන විට ද ඉහළ ගොස් තිබේ. තාක්ෂණය යල් පනිද්දී පැරණි දුරකතනවල වෙළෙඳපොළ මිල සාමාන්‍යයෙන් අඩු වන නමුත්, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තත්ත්වය අනුව ජංගම දුරකතනය අධි සුඛෝපභෝගී භාණ්ඩයක් තත්ත්වයට ඉහළට ගමන් කරමින් තිබේ.

Social Sharing
නවතම