ලෙඩාට බෙහෙත් දෙද්දි දොස්තරවරු මාරු වෙන රටක් මේක – මහචාර්ය රොහාන් සමරජීව

“සිහිනය කියන වචනය මම වැඩිපුරම දැක්කෙ ගෝල්ෆේස් අරගල භූමියේ. අපේක්ශාභංගත්වයට පත්උණු තරුණ ළමයි බොහොමයක් අල්ලගෙන හිටපු බෝඩ් වල තිබ්බා සිහිනය කියන වචනය නමුත් අද අපි කතා කරන සිහිනයෙන් කියන්නෙ දැක්ම කියන දෙය.

අපි රටක් විදිහට අද විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒකට ලොකුම හේතුව අර්ථිකය කියන ලෙඩාට බෙහෙත් කරගෙන එද්දි දොස්තරවරු මාරු වෙන එක. මේ නිසා ආර්ථිකය තවත් රෝග වෙනවා ඉතාම දුබල වෙනවා.මේ අවුරුදු ගණනාවටම උනේ දෙය. එම නිසා අනාගතයටවත් අපිට ආර්ථිකයට රෝගී වෙන්න දෙන්නෙ නැතුව ස්ථිර ප්‍රතිකාර කරන්න වෙනවා.

ඩී.එස් සේනානායකගෙ කාලෙ පවා උවමනාව උනේ රට සහලින් ස්වයංපෝශිත කරන්න නමුත් කාලේ අපනයන පවා තිබුණා ඒත්කිසිම උවමනාවක් තිබුනෙ නෑ අපනයන දියුණු කරන්න.

අපි චන්දෙ දෙන්න අපිට මේ දේ දෙන්න කියලා පොරොන්දු අරගෙන ජනතාව කාටහරි චන්දෙ දෙන්න පුරුදු වෙලා හිටියා. වගේම තමන්ට චන්දෙ නැතිවෙයි කියලා බයට ආණ්ඩුවට සල්ලි තිබෙනවද කියලා බලන්නෙත් නැතුව ජනතාවට සහන ලබා දෙන්න ආණ්ඩු කටයුතු  කරා. මෙන්න මේ ක්‍රියා නිසා තමයි අද අපි මේ වගේ ආර්ථික අර්බුදයක් අත්විදින්නෙ.

ජනතාවට සත්‍ය තේරුම් කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරලා විශේෂයෙන්ම නාස්තිකාර සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මකකරන්නෙ නැතුව ඵලදායි සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීමෙන් හා රාජ්‍ය වියදමට වඩා ආදායම් වැඩිකරගනිමින්කටයුතු කිරීමෙන් පමණයි අපිට මේ තත්වයෙන් ගොඩ යන්න පුලුවන්.”

මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී අද පැවති (25)  මට සිහිනයක් ඇතසාමූහිකය විසින් සංවිධානය කරනු ලබනමගේ රටවෙනුවෙන්සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ආර්ථික විද්‍යා මහාචාර්ය රොහාන් සමරජීව මෙම අදහස් දැක්විය.

මේ සදහා විශාල පිරිසක් එක් වී සිටි අතර ප්‍රධාන ආරාධිතයන් ලෙස මහාචාර්ය රොහාන් සමරජීව,ලේඛක චින්තන ධර්මදාස සහ සමාජ ක්‍රියාකාරී අජිත් පැරකුම් ජයසිංහ සහ නීතීඥ දුලාන් දසනායක යන අයද සහභාගී විය.

Social Sharing
ආර්ථික නවතම