මට කරන්න පුළුවන් දේ ඇයට කරන්න බැහැ

ලොරේන් චේම්බර්ලන් යනු සොෆ්ට්බෝල් (බේස්බෝල් හා සමාන) ක්‍රීඩාවේ ලොව දක්ෂතම ක්‍රීඩිකාවක් පමණක් නොව ඕනෑම ගැහැනු හෝ පිරිමි දරුවෙකුට ඉතා අගනා පරමාදර්ශී චරිතයකි. ඇය ESPN වෙනුවෙන් නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටීමට තීරණය කළා ය. මෙය අසැබි දර්ශනයක් යැයි ඔබ සිතන්නේ නම් මගේ ටයිම්ලයින් එකෙන් ඉවත් වන්න. දෙවනුව, ඇය එය කළේ මන්ද යන්න මෙන්න: “මේ ප්‍රශ්නයටම මුහුණපාන, සාමාන්‍ය මළල ක්‍රීඩිකාවක් වගේ හැඩ, ශක්තිමත් ශරීරයක් නැති වඩා තරබාරු, මහත, ක්‍රීඩිකාවන් වෙනුවෙන් මම මේකට පෙනී ඉන්න තීරණය කළා. මේක ඔවුන්ට තමන්ගේ ශරීරයට ආදරය කරන්න උත්තේජනයක් වෙයි. සමාජ සම්මතයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කිරීමේදී මම මගේ ශරීරයට එරෙහිව ගොස් ශරීරයට අවශ්‍ය දේ ලබා නොදුන් ඕනෑම අවස්ථාවක, මවිසින් මාවම පහතට හෙළා තියෙනවා. උසස් පාසලේ දී හෝ ප්‍රථමික පංතිවලදී සමහර අවස්ථාවල මගේ ශරීර ප්‍රමාණය පිළිබඳව තිබූ අනාරක්ෂිත හැඟීම නිසා ආහාර නොගෙන සිටීම මගේ ශරීරයට කළ අගෞරවයක්. නිශ්චිත පෙනුමක් ලබාගැනීම වෙනුවෙන් අපේ ශරීරයට ලබාදිය යුතු දේ ලබා නොදීම. අපි ඇත්තටම අවංක නම් එක්තරා නිශ්චිත මොහොතකදී ඒක මෝඩකමක් කියලා අපිටම දැනෙනවා. ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල දකින විදියේ, ලබාගත නොහැකි පෙනුමක් ඔබ හඹා යනවා. නමුත් එය සාක්ෂාත් කරගන්න බැහැ. මම තවමත් එවැනි අනාරක්ෂිත හැඟීම් එක්ක ගණුදෙනු කරනවා. ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්න නිරූපණ ශිල්පිනියක් මෙන් මගේ ඇඟේ හැඩය, නැම්ම නොලැබෙන්නේ ඇයි? ඒත් ඔබ දන්නවද? ඇයට බැහැ මම කරනවා වගේ බෝලෙකට ගහන්න හරි දුවන්න හරි. මට කරන්න පුළුවන් දේ ඇයට කරන්න බැහැ.

උපුටාගැනීම: රෂ්මික මණ්ඬාවලගේ ෆේස්බුක් පිටුවෙන්

Social Sharing
Uncategorized අවකාශය නවතම