‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය.

‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි.

රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ නායකයා ලෙස ‘මානවම්ම‘ වෙනුවට ‘රනිල් වික්‍රමසිංහ‘ අද සිට පත් වෙනවා. දවස් පහකට ද, දහයකට, වසර දෙකකට ද යන්න කියන්නට නොහැකියි.

රනිල් ගන්නේ ඩීසල් නැති, පේට්‍රල් නැති, දෙවැනි තෙල් නැවට ගෙවාගන්න සල්ලි නැති රටක්.  මේ පැයේ ක්‍රියාකාරීව ඉන්න දේශපාලනඥයින්ගෙන් බහුතරයක් ඔහුට මතවාදීව පමණක් නොව, මාරාන්තික විරෝධතාවයක ඉන්න මොහොතක. ඕනෑම ගොඩනැගිල්ලක්, විනාඩි කිහිපයකින් අත්පත් කර ගන්නට සමත් අරගලකරුවන් සිටින යුගයක.

රනිල්ගේ දේශපාලනය ගැන මට අලුතෙන් ලියන්නට දෙයක් නෑ.

අරගල, හදිසි නීතිය, ඇඳිරි නීතිය, සාගතය, පෝලිම්, ආර්ථික අර්බුද මැදින් හැමදාම රනිල් අගමැති වුණා.

අද ඔහු ඒ සියල්ලම මැදින් රාජ්‍ය නායකත්වයට පත් වි සිටිනවා!

“How to work with Netflix ”  — මේ දවස්වල සැලකිය යුතු පිරිසකට ඇති ප්‍රශ්නය ඒකය.

-රජිත් කීර්ති තෙන්නකෝන්-

Social Sharing
නවතම විශේෂාංග