පාස්පොට් පෝලිමේ දී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගැබිනි මවක් අද පෙරවරුවේ දරුවෙකු ප්‍රසූත කර ඇත.

රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් විසින්, ප්‍රසව වේදනාවක් ඇති වූ බවට පැමිණිලි කළ මව කාසල් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය දරුවා ප්‍රසූත කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම කාන්තාව සහ සැමියා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පෝලිමට එක් වූ බවයි.

එනම් අද උදෑසන ප්‍රසව වේදනාව උත්සන්න වීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක රාජකාරියේ නියුතු යුධ හමුදාව විසින් එම කාන්තාව කඩිනමින් රෝහල් ගත කර ඇත.

එසේම දැරිය සහ මව නිරෝගී සුවයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Social Sharing
නවතම