ඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි

බොරැල්ල ටිකල් පාරේ අයි සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි බොරැල්ලපොලිසිය වාර්තා කරයි.

මියගිය පුද්ගලයා පෙරේදා 4   රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා  මෝටර් රථයෙන්  පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි  බොරැල්ලපොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එම් ආර් සමරසිංහ මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ගොතටුව පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න (60) නැමැත්තෙකි.

මේ වන විට මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණයපැවැත්වීම සඳහා තැන්පත් කර ඇත.

මෙම අර්බුදය හමුවේ පෝලිම් වල මිය ගිය පුගලයින් ගණන 17 කි.

Social Sharing
නවතම