අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි

පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ.

එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත ද බහුතරය අහිමි වී ඇති බවයි. ඒ එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය දිනා ඇති ආසන ගණන 234ක් නිසාවෙනි.

ඡන්ද විමසීමෙන් ප්‍රංශ පාර්ලිමේන්තුවට තෝරා ගැනෙන සභිකයින් සංඛ්‍යාව 577 කි.

කෙසේ නමුත් බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට නම් ජයග්‍රාහී කණ්ඩායම ආසන 289ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිනා ගත යුතු වේ.

වාමාංශික පක්ෂ සන්ධානයක් දෙවනුවට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා තිබේ. ඒ ආසන 141 කි.

එසේම අන්ත දක්ෂිණාංෂික පක්ෂය ආසන 90ක් දිනා තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.

මේ හේතුවෙන් ජයග්‍රාහී එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂයට තවත් ජයග්‍රාහී පක්ෂ සමග සන්ධානගත වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Social Sharing
නවතම විදෙස්