International Federation of Journalists (IFJ) හෙවත් ‘ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය‘ සිය 31 වැනි ලෝකසමුළුව මැයි 31 – ජූනි 3 දක්වා ඕමානයේ මස්කට් නුවර දී රටවල් 156 ක ආරාධිත නියෝජිතයන් 400 ගේ සහභාගීත්වයෙන්පවත්වන ලදි.
2022 ජූනි 01 වැනි දින ශ්‍රී ලංකාවේ Sandya Priyangani Ekneligoda විසින් 31. වැනි IFJ ලෝක සමුළුව අමතා සිංහලබසින් කරන ලද කතාවේ මූලික පිටපත පහත පරිදි වේ.
—-
පළමුව ස්තුතියි IFJ ඔබ සියලු දෙනාට මට මේ අවස්ථාව ලබා දුන්නාට.
ශ්‍රී ලංකාව තුළ අසාධාරණයට එරෙහිව තම පෑන, පින්සල මෙහෙයවූ බොහෝ මාධ්‍යවේදීන් සිටිනවා. මරා දැමීමට, අතුරුදහන්කිරීමට සේ ම කෲර වධයට පත් කළ,ඒ සහෝදර මාධ්‍යවේදීන්ව සිහිපත් කරමින් මාගේ කතාව පටන් ගන්නම්.
ජනමාධ්‍යවේදී ප්‍රගීත් ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ශ්‍රී ලංකාව තුළ තිබෙන සමාජ, සංස්කෘතික, ආර්ථික , දේශපාලන ප්‍රශ්නපිළිබඳ සිය පෑන,පින්සල මෙහෙයවූ ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙක්. කාටූන් ශිල්පියෙක් – දේශපාලන තීරු රචකයෙක්. ඔහුඅතුරුදහන් වීමට ආසන්න කාලයේ වෙබ් මාධ්‍යයේ නියැලී සිටියේය. එවක පැවැති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය දූෂණ දූෂණඅක්‍රමිකතා, සමාජ අසාධාරණකම් සම්බන්ධව සේම ශ්‍රී ලංකා යුද්ධයේ තිරස්චීනභාවය විවේචනාත්මකව ලියුවේ ඒ තමමාධ්‍යවේදයේ වගකීම යැයි පවසමිනි.
ඔහු පළමු වතාවට 2009 දී දෑත් බැඳ දෑස් බැඳ, අත්වලට මාංචු දා වධකාගාරයක ගෙනගොස් පසුදා මුදා හැරි අතර 2010 ජනවාරි 24 ලොව දරුණු ම අපරාධය සේ මා දකින ‘බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට‘ ගොදුරු වෙනවා.
‘සන්ධ්‍යා එක්නැලිගොඩ‘ වන මා ප්‍රගීත්ගේ බිරිඳ සේම පුතුන් දෙදෙනකුගේ මවක්. මම මාව ඔබට හදුන්වා දෙන්න කැමති ‘2010 මගේ සැමියා අහිමි වීම, පැහැරගැනීම හේතුවෙන් වින්දිතයෙක් බවට පත් වීම මත මානව හිමිකම් ක්‍රියාධරයෙක්, නිර්මාණශීලීඅරගලකරුවෙක්, අරගලය වෙනුවෙන් මාව ම දන් දුන් ගැහැනියක්‘ ලෙස ඔබට හඳුන්වා දෙන්න. මා නිර්මාණශීලීඅරගලකරුවෙකුයැයි පැවසුවේ; ලංකාව තුළ, ලෝකය තුළ සංස්කෘතික, ආගමික රාමුන්, යැදුම වැලපීම, පලිගැසීම වැනිමිනිසුන්ගේ විශ්වාස හා ඇදහිලි මත මාගේ අරගලයේ අංග නිර්මාණය වී විකාශනය වෙනවා. ඒ, එතුළින් මගේ ඉලක්කය වන ; කෙදිනක හෝ සත්‍ය සහ යුක්තිය ලබන දා තෙක් ප්‍රගීත්ගේ අතුරුදහන් කිරීම, ප්‍රගීත්ව, සැමදාම ජීවමානව තබාගැනීමයි.
මා ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ආයතන ප්‍රධාන ආයතන තුන වන; ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ ආයතන තුළින් මා ලදඅත්දැකීම් බෙදාගන්න කැමතියි. ඒ, ‘දණ්ඩ මුක්තිය‘ පිලිබඳව ශ්‍රී ලංකාව තුළ මා ලද අත්දැකීම් නිසාය.
පසුගිය වසර 12 පුරා අවම වශයෙන් සෘජු හෝ වක්‍ර නඩු පහළොවකට පමණ මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන අධිකරණ හතරට ම ගොස් තිබෙනවා – යනවා. මේවායින් නඩු පහක් සෘජුව මප්රගීත් සම්බන්ධ නඩු ය.
ලංකාවේ නීතිය සම්බන්ධ ආයතන පිළිබඳ කියනවා නම් 2010.01.25 මා මුලින්ම ගියේ මා පදිංචි ප්‍රදේශයේ පොලීසියටයි. මාගේපැමිණිල්ල කිරීමට (ප්‍රගීත් අතුරුදහන් වීම) පොලිසියේ ස්ථානාධිපති සමග බොහෝ වේලා තර්ක කරන්න සිදුවුණා.ඔවුන් මට කිව්වාමා ඇවිත් පේන්නේ බොරු පැමිණිල්ලක් කරන්න කියලා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හැසිරුණේත් ඒ ආකාරයටමයි.
ඊට පසු 2010.02.19 දින අභියාචනාධිකරණයේ හබයාස් කෝපුස් නඩුවක් ගොනු කළා. 2010 – 2016 කාලය තුළ මේ නඩුසක්‍රීය පැවතුණා. ඒ කාලය තුළ මහින්ද රාජපක්ෂලාගේ රෙජීමයේ මැති ඇමතිවරු කිව්වේ ප්‍රගිත් වෙනත් රටක සරණාගත බවලබලා ඉන්නවා කියලා. 2010 නීතිපති හිටපු මොහාන් පීරිස් මහතා 2011 ජිනීවා ගිහිල්ලාත් ඒකම කිව්වා. ඒත් එතුමා ලංකාවේඅධිකරණයට ඇවිත් කිව්වේ ‘ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්න තැනක් දන්නේ දෙයියෝ විතරයි‘ කියලා.
2015 දි රාජපක්ෂ රජය ඡන්දෙන් පරාද වූ අතර යහපාලන රජය පත්වීමත් සමග මාධ්‍යවේදීන් අතුරුදන්කිරීම ඇතුළු ප්‍රධාන අපරාධගණනාවක පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වෙනවා. මාස කීපයක් ඇතුළත ඔවුන් ප්‍රගීත් පැහැරගැනීමටසම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ අය හමුදා බුද්ධි අංශ නිලධාරීන්. 2009 දි වධකාගාරයට ගෙනයාම සහ 2010 දි අතුරුදහන් කිරීම කරන්නේ එකම කණ්ඩායමක්. අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ හමුදාව කියන්නේ රාජ්‍ය ආයතන. ශ්‍රී ලංකාව තුළ අපරාධ නඩුවක පැමිණිල්ල වන්නේ ශ්‍රී ලංකාජනරජය. නමුත් මේ පරීක්ෂණය සඳහා යුධ හමුදාව තොරතුරු ලබාදුන්නේ නැහැ. සමහර වෙලාවලදී බොරු තොරතුරුඅධිකරණයට දුන්නේ. ඒ වන විට විපක්ෂයේ සිටි රාජපක්ෂ කල්ලිය විසින් විශාල වශයෙන් විවිධ ආයතන වලට බලපෑම් කරන්න ගත්පටන් ගත්තා.
• මට, විමර්ශන නිලධාරීන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදීන් ට අපහාසාත්මක පෝස්ටර් ඇලවීම
• භික්ෂූන් වහන්සේලා යොදාගෙන අධිකරණයට බලපෑම් කිරීම. එක්තරා හිමිනමක් මට අධිකරණය භූමිය තුළදීම ප්‍රසිද්ධියේ බැනඅඩන්තේට්ටම් කළා ‘තොගේ මිනිහා කොටියෙක්. තෝ පල ! ගිහින් හිඟා කාපිය‘ කියලා.
• ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ දස දහස් දහස් ගණන් අපහාසාත්මක කතා ලිව්වා, පෝස්ට් හැදුවා,රූපය විකෘති කර පළ කළා. ශ්‍රී ලංකාවේ එතරම් විශාල ප්‍රමාණයක් Hate Speech වලට ගොදුරු වූ එකම ගැහැනිය මම වෙන්න ඇති. මේවායේ අසභ්‍ය වචනසේ ම ‘මගේ දරුවන් මරලා මටම කවනවා‘ වැනි කෘර කතාත් තිබුණා.
• මේ අපරාධකාර නිලධාරීන් බන්ධනාගාරගත කිරීම වැරදියි වැරදියි කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිත් කිව්වා.
මේ තත්ත්වයන් මත වුවත් 2019 වසරේ දී, ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට (2010 වසරේ දී) සම්බන්ධ හමුදා බුද්ධිඅංශ නිලධාරී 9 දෙනෙකුට විරුද්ධව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ හා හෝමාගම මහාධිකරණයේ නඩුවක් ගොනුකර විමර්ශන ආරම්භ කළා.
2019 දී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග 2020 ජනවාරි මාසයේ ‘දේශපාලන පලිගැනීම් සොයා බැලීම‘ සඳහා කොමිසමක් පත් කරනවා. මේ කොමිසම විසින් සැලසුම් සහගතව (2009 සහ 2010 සිදුවීම්වලට අදාල) අපරාධකාරහමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කර විමර්ශන නිලධාරීන් වරදකරුවන් කිරීමට නිර්දේශ කරනවා.
අධිකරණ බලයක් නොමැති මේ අය අධිකරණ නියෝග පවා නොතකා සාක්ෂ්‍යකරුවන්ගෙන් බලහත්කාරයට සාක්ෂ්‍ය ගන්නවා. ඔවුන් මේ වනවිට සාක්ෂ්‍යකරුවන් බිය වද්දා තිබෙනවා. 2015 දී මහේස්ත්‍රාත් ඉදිරියේ සාක්ෂ්‍ය දුන් සාක්ෂ්‍යකරුවෙක් දැන්අධිකරණයේ දී ‘ඒකිව්වෙ බොරු‘ කියලා කියනවා.
ශ්‍රී ලංකාව තුළ; දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයන් මත කරවන අපරාධ හා හමුදා නිලධාරීන් කරන අපරාධවලට දඬුවම්නොදීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. යම් හෙයකින් අධිකරණය මේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දුනහොත්; ඔවුන් ඊළඟට ජනාධිපති බලතල පාවිච්චි කරලා සමාව ප්‍රදානය කරනවා. හිතන්න; එවිට වින්දිතයාට, වින්දිත පවුල්වලට සිදුවනතත්ත්වය කුමක්ද ?
මා නැවත මගේ කතාව මුලට යනවා. මා ඔබට කිව්වා ‘අරගලය වෙනුවෙන් මා මාවම දන් දුන් ගැහැනියක්‘ කියලා. ඒ; 2022 ජනවාරි 25 මගේ දිගුව තිබූ කොණ්ඩය කපා මුඩු කර, කළු වස්ත්‍ර ඇඳ රතු සළුව පළඳිනවා. ඔබ අන්තර්ජාලය පරීක්ෂා කළහොත්එහි සත්‍යතාවය දැනගත හැකිවේවි. මගේ පෙනුම ඔබට කියන්නේ, මා එන්නේ ‘වින්දිතයන්ට යුක්තියක් නැති අපරාධකරුවන්ටදණ්ඩ මුක්තිය තිබෙන‘ රටක සිටට බව.
මා මට ම වූ පොරොන්දුවක් තිබෙනවා. ඒ; කෙදිනක හෝ ශ්‍රී ලංකාව තුළ ප්‍රගීත්ට යුක්තිය ඉටු වන දා තෙක් මගේ හිස මුඩු කරතිබෙන බවත් – කළු ඇඳුම් ම අඳින බවත්.
මා සිතනවා කෙදිනක හෝ මගේ හිසකේ දිගුව වවන්නට – වර්ණවල සතුටුයි දෙන්නට ප්‍රදී විදින්නට ප්‍රගීත්ට යුක්තිය ඉටු වනදිනයක් ඉක්මණින් ම ඒවි කියලා.
අවසාන වශයෙන් ලෝකය පුරා සිටින අපරාධ වලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වල අයට පවසන්න කැමතියි.
ඔබේ ආදරණීයයා විශේෂිතයෙක්. ජීවමාන ඔහුට වඩා අජීවී ඔහු දැරූ ආලෝකයට අපරාධකාර බලවතුන් බිය වෙනවා. ඒ නිසා ඔහුහෝ ඇය දැල් වූ පන්හිඳේ ආලෝකය, යුක්ති ඉටුවන තුරු රකිමු. එය අපේ වගකීම කරගනිමු. දණ්ඩ මුක්තිය අවසානය එයයි.
– සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ –
පසු සටහන :
මෙම ලිපිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් ෆේස්බුක් අවකාශයේ පල කරන ලද ඇගේ කතාවේ මූලික දළ පිටපත ම යතුරුලියනය කරන ලද්දකි. එය; අක්ෂර වින්‍යාස සංශෝධන සහ ලිඛිත ප්‍රකාශනයේ දුරාවබෝධයන් වලක්වාලනු පිණිස එක් කළවරහන්, උපසර්ග, නිපාත ද ‘කොමා‘ වැනි ලිඛිත අක්ෂර සංකේත සහ ‘බුලට්ස්‘ වැනි තාක්ෂණික අක්ෂර සංකේත හැර වෙනත්කිසිදු සංශෝධනයකට භාජනය කර නැති බව කරුණාවෙන් සලකන්න.
උපුටාගැනීම : සහන් කස්සීර වික්‍රමසිංහ ගේ ෆේස්බුක් පිටුවෙන්