මගීන් 22ක් එක්ක නේපාල ගුවන් යානය අතුරුදන්

නේපාලයේ පොඛාරා නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් මගීන් 22ක් සමඟ අද(29) අතුරුදහන් වී ඇතැයි එරට මාධ්‍ය නිවේදනය කර ඇත.

අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන් ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කර ඇති අතර විනාඩි 15 කට පමණ පසු ගුවන් තොටුපොල පාලක මැදිරිය සමග සම්බන්ධය විසන්ධි වූ බව බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉන්දියානුවන් 4 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 13 ක් ,ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු, කාර්ය මණඩල සාමාජිකයන් තිදෙනෙකු ද ගුවන් යානයේ සිට ඇතැයි වාර්තා වේ.

Social Sharing
නවතම විදෙස්