කඩදාසි නෑ, විභාග කල් යයි!

දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත.

මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී ඇත්තේ කඩදාසි නොමැති වීම නිසා ප‍්‍රශ්ණ පත‍්‍ර මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් 9/10/11 ශ්‍රේණී සඳහා අවසන් වාර විභාගය කල් දැමිය යුතු බවය.

මෙහිදී හැකියාවක් තිබෙයිනම් ප්‍රාථමික ශ්‍රේණි සඳහා අවසන්  වාර විභාගය පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද පාසල් දැනුවත් කර ඇත.

මේවනවිට සමහර ශ්‍රේණි සඳහා අදාළ විභාග ප‍්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටිද විදුහල්පතිවරුන් වෙත යවා ඇතත් කඩදාසි නොමැති නිසා එම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරගන්නට නොහැකිවී තිබේ.

Social Sharing
නවතම