IMF ගෝඨා හමුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් අධ්‍යක්ෂ Chang yong Rhee සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (15) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.

මෙම නියෝජිතයා පසුගිය 14 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් S.R. ආටිගල හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී පහත වැටෙන සංචිත, අවප්‍රමාණය වන රුපියල සහ ඉහළ යන උද්ධමනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. මෙම හමුව සඳහා මහාබැංකුවේ කිසිඳු නිළධාරියෙක් සහභාගී කරගෙන නැත. කෙසේ වුවත් පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකදී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි දැනගන්නට ලැබේ.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පිළිබඳ 4වන වගන්තියට අදාළ කරණු සමාලෝචනයේ ප්‍රතිපල අද දින ජනපති හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු බව දැනගන්නට ලැබෙන අතර මෙම හමුවීම් පිළිබඳව අදහස් දක්වන ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව මෙතෙක් මූල්‍ය සහය සඳහා ඉල්ලීමක් කර නොමැති බවත් එසේ ඉල්ලීම් කරන්නේ නම් ඒ සඳහා සහය වීමට ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සූදානම් බවත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම