එල්ලුන් ගහ බලන්න ගිය ලොහාන්ට ඇමති ධුරයක්..!

කාන්තාවකට එල්ලුන් ගහ පෙන්වන්න ගිය බවට සහ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට ගොස් කලබල කළා යැයි චෝදනා ලැබූ, ඒ නිසාම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කල ලොහාන් රත්වත්තේ අද (10) නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේය.

මේ අනුව ලොහාන් රත්වත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම