ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙන්න වෙයිද?

පෞද්ගලික ඔසුසල් සඳහා ඖෂධ ලබා දෙන ගබඩා වලින් 60% ක් පමණ මේ වන විටත් අවසන් වී තිබෙන බවත් ඉතිරි ඒවා ද සති 4ත් 6ත් අතර කාලයකදී අවසන් වීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති සභාපති රවි කුමුදේෂ් ප්‍රකාශ කරයි.

වර්තමාන ඖෂධ හිඟය පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට ඖෂධ ගෙන්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි. මෙලෙස ආණ්ඩුවට ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නැතිනම් ඒ සඳහා නොහැකියාවක් ඇත්නම් ගැටලුව නොසඟවා සිට වහාම මහජනතාවගේ ආරක්ෂා සඳහා ඖෂධ ලබාගැනීමට මානුෂීය ආධාර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න යැයි ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ විශාල අර්බුදයන්වලට මුහුණ දුන් රටවල් වන ඉතියෝපියාව, සෝමාලියාව, උතුරු කොරියාව, වැනි රටවලද ඖෂධ නොමැතිවීමේ අවධානමක්, අර්බූදයක් ආවේ නැතිබව අවධාරණය කරන ඒ මහතා මේ තත්ත්වයට හේතුව ඖෂධ නියාමන අධිකාරිය බවත් ප්‍රකාශ කරයි. එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඖෂධ ‘ඒකාධිකාරය’ සහ ‘නියාමනය’ නමින් එන මාෆියාව මෙකී හිඟයට සහ ඖෂධ ගෙන්වීමේ ප්‍රමාදයට හේතුව බවයි.

Social Sharing
නවතම