උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…

පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි.

dullas alahapperuma

එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර පළාතේ මරා දැමුණු, අතුරුදහන් කෙරුණු, ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එල්ල කළ ප්‍රහාර ගැන මෙතෙක් කිසිදු විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඬුවම් නොදීම සම්බන්ධයෙනි. රජයේ ප්‍රකාශන කාර්යාංශයේ ශාඛාවක් යාපනේ විවෘත කිරීම වෙනුවෙන් යාපන කච්චේරියේ පැවති හමුවකට මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් සහභාගිවුයේ විරෝධය සංකේතවත් කරමින් කළු පැහැ කාඩ් පතක් පැළඳ ගෙනය.

dullas alahapperumadullas alahapperumadullas alahapperuma

යාපන අර්ධද්වීපයේ නිමලරාජන් මයිල්වාගනම්, සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්, සෙල්වරාජා රජීවර්මන්, සහදේවන් නිලක්ෂන්, වඩිවේල් නිමලරාජ්, පරනිරුපසිංහම් දේවකුමාර් යන  මාධ්‍යවේදීන් හා කේ.නවරත්නම්, එස්.ටි.ගනනාදන්, බැස්ටියන් ජෝර්ජ්,  රාජරත්නම් රංජිත් කුමාර්, මනෝජන්රාජ්, සතාසිවම්බාස්කරන්, සින්නතම්බි මහසිවරාජා, එස්.රවින්ද්‍රන්, අන්තොනිපිල්ලෛ සිත්තිරන්ජන්  යන මාධ්‍ය සේවකයන් මරා දැමුනේ රජයේ ආරක්ෂක හමුදා හා ඔහුන්ගේ සහාය ලැබූ අතුරු හමුදා කණ්ඩායම් මගිනි.

මිට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම,ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර වැනි උතුරු නැගෙනහිර පළාතේ දිසාවන්හි දෙමළ මාධ්‍යවේදීන් මාධ්‍යවේදිනියන් රැසක් ඝාතනයට ලක්වුයේ කලක් මාධ්‍යවේදියකු ලෙස රැකියාව කළ ඇමැති ඩලස් අලහප්පෙරුම ද එම ආණ්ඩුවල ඉහළ වගකීම් දරමින් සිටිය දීය.

‘වාලම්පුරි’ පුවත්පතේ මාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් කර පහළොස් වසක් ඉක්ම ගොස් තෙදිනකට පසු යාපනයට පැමිණි මාධ්‍ය ඇමැති අලහප්පෙරුම මාධ්‍යවේදීන්ගේ විරෝධය හමුවේ යළිත් පොරොන්දු වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන විමර්ශනය කරන බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ [JDS] සකස් කළ ‘ජනමාධ්‍ය දඩබිම 2001-2010’ වාර්තාවට අනුව ඉකුත් දශකය තුල ඝාතනය වූ හා අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 44 දෙනෙකි. ඉන් බහුතරය උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන්ය.
http://www.jdslanka.org/index.php/killed-media-workers

Social Sharing
නවතම පුවත්