සැප්තැම්බර් 20න් පසුව අපිට ඡන්දය තියන්න පුලුවන්

මෙම වසරේ සැප්තැම්බර් 20න් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා කොමිෂමට බලය ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කරයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සඳහා නීති පුහුණු වැඩමුළුවට සහභාගි වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දමා ඇති බවයි. එම කාලය සැප්තැම්බර් 20න් පසුව අවසන් වෙන බව ප්‍රකාශ කරන ඒ මහතා පළාත් සභා ඡන්දය පැවැත්විම සඳහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතු බව ප්‍රකාශ කරයි. මෙරට තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වටපිටාව දැන් නිර්මාණය වෙලා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සෞඛ්‍ය මාර්ගපෝදශ අනුගමනය කරමින් අදාළ කටයුතු සිදු කරන්න මැකොස සූදානම් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම