ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 

ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන් වන විට ඒම ප්‍රමාණය මිලියනය ඉක්මවනු ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඊයේ දිනයේ (15) කොරෝනා ආසදිතයන් තිස්දෙදහසක් වැඩි පිරිසක් හා පෙරෙයිදා (14) දිනයේ කොරෝනා රෝගීන් විසිනමදහසක් ඉන්දියාවෙන් වාර්තා වු බවයි. මේ අතර කොරෝනා අසාදනය වී මිය ගිය ප්‍රමාණය 24936ක් ලෙස වාර්තා වන අතර අද ඒම ප්‍රමාණය ද විසිපන්දසහ ඉක්මවනු ඇති බව ද වාර්තා වේ.

Social Sharing
නවතම විදෙස්