ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම

‘ඇවන්ගාඩ් ආයතනය කියන්නේ, මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාව සතුව තිබෙන ටී56, ඒකේ47, ටී81, මැෂින්ගන්, සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම මේක අතුරු හමුදාවක්. මේ අතුරු හමුදාව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තිබුණා. ඒ නිසා එම සමාගම සතුව තිබුණ ව්‍යාපාර කටයුතු නාවික හමුදාවට බාරදුන්නා. මේ සමාගමේ හමුදාවෙන් විශ්‍රාම ගිය මේජර් ජනරල්ලා, නාවික හමුදාපතිලා සෙබලු සියල්ල ඉන්නවා. ඉතාම හොඳ පුහුණුවක් ලත් හමුදාවක්. එතකොට තිබෙන භයානකත්වය මොකක්ද? මේ සිදුවීම අල්ලගන්න බැරි වුනානම් මොකක්ද ඊළඟ වෙන්න පුළුවන්? ‘ නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

පසුගිය 01 දා පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් බිත්තර ප්‍රහාරයේ ‘ඇත්ත කතාව’ මාධ්‍යට හෙළිකරමින් අදහස් දැක්වූ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ සිදුවීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයි කියලා මූලික පරීක්ෂණවලදී හෙළිවෙලා තිබෙන තත්ත්වය තුළ මෙම ප්‍රහාරය සාමාන්‍ය බිත්තර ප්‍රහාරයක් සේ සලකා අමතක කළ නොහැකි බවයි.

avangard sri lanka Upul Kumarapperuma Nissanka Senadhipathi

‘හමුදාවකට රජයට වගකියනවා. මේ අතුරු හමුදාවට වගකියන්නේ කවුද? මේ ආයතනයේ සභාපතිවරයාම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට, ජනතා විමුක්ති පෙරමුණට විශාල චෝදනා රාශියක් එල්ල කරල තිබෙනවා. අභියෝග එල්ල කරලා තියෙනවා. අපහාසාත්මක ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වගේ පුද්ගලයෙක් නායකත්වය දෙන අතුරු හමුදාවකට වගකියන්නේ කවුද? මේවැනි අතුරු හමුදාවකට ආයුධ දරන්න බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ආරක්ෂාව සපයන ආයාතනයක් වුනත් බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ඇවන්ගාඩ් ආයතනයේ පුද්ගලයින් පක්ෂ සමුළුවකට ප්‍රහාරයක් එල්ල කරනවානම් ඔවුන් කරන්නේ අදාල බලපත්‍රලාබී සමාගමේ කටයුත්තක්ද? ඒ ගැන මේ රටේ ජනතාව මාධ්‍ය වගේම ආරක්ෂක අමාත්‍යංශයත් හොඳට කල්පනා කරල බලන්න ඕනෑ. නිශ්ශංක සේනාධිපති රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමේ පණිවිඩකරු වෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියත් ජනාධිපතිට පණිවිඩ ගෙනියන්න කියන්නේ සේනාධිපතිටයි. ඒකෙන් තේරෙනවා නේද නිශ්ශංක සේනාධිපති සහ ජනාධිපති අතර සම්බන්ධය මොකක්ද කියලා. එසේ නම් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණයක් අනිවාර්යෙන් කළ යුතුයි. මෙහි බරපතල කාරණය වන්නේ මින් පස්සේ එන්නේ බෝම්බද කියන කරුණයි.’ යනුවෙන් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම