හූව නැඟලා යයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව ජනතාවගෙන් එල්ලවෙන විරෝධයන් එන්න එන්නම උත්සන්න වෙමින් ඇත.

පසුගිය දා කතරගම ප්‍රදේශයේ සතොස අලවිසලකට ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එම අලවිසලේ හිටි කාන්තාවකගෙන් බරපතළ විරෝධයක් එල්ලවුණ බව මාධ්‍ය වාර්තා කළේය. ඉන්පසුව පසුගිය දා කොළඹ පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ අසලදී මඟීන්ගේ සුවදුක් විමසීමට කොළඹ හැඳල බස් රථයකට ගොඩවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාටද ජනතා විරෝධතාවයකට මුහුන දෙන්නට සිදුවූ අතර තමන්ට ප්‍රමාද වන බව පවසමින් මඟීන් අමාත්‍යවරයාට බැනවදින ආකාරය සිරස නාලිකාව විකාශය කළේය.

මේ අතර පසුගිය දා පේදුරුතුඩුවේ දී පැවති ධීවර විරෝධතාවයක් සමනය කිරීමට එහි ගිය ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාටද එහිදී දැඩි විරෝධතාවයක් එල්ලවූ අතර ජනතාව ඔහුව හූ කියමින් එම ස්ථානයෙන් පන්නා දැමීමට කටයුතු කළෝය.

වීඩියෝව පහතින්…

https://www.facebook.com/watch/?v=1814373302285381&t=0

 

Social Sharing
නවතම