විදුලි සහ ඉන්ධන අර්බූදය උග්‍රයි, සංචාරකයන්ටත් අවවාද

ඉදිරි කාලය තුළ විදුලි සැපයුම මෙන්ම ඉන්ධන සැපයුමද නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව දැනගන්නට ලැබේ.

විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී පැය හතරක පමණ කාලයක් විදුලිය විසන්ඳි කරන්නට සිදුවෙනු ඇති. ඔහු ප්‍රකාශ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් ය. දැවී තෙල් දින 22කට පමණක් ය. මෙම තත්ත්වය සහ ජල විදුලි බලාගාරවල ව‍ර්තමාන ධාරිතාවය සහ වැස්ස වැනි කරුණු නිසා ඉදිරි කාලයේදී නිසි පරිදි විදුලිය පවත්වාගෙන යාම බොහෝ දුෂ්කර විය හැකිය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමද මේ වන්විට විශාල ප්‍රශ්නයක් බව මාධ්‍ය වාර්ථා කරයි. එයට හේතුව ගල් අඟුරු මිල ලෝක වෙළඳපොළේ අසීමිතව ඉහළ යෑමයි. මෙම තත්ත්වය තුළ ඩොලර් හිඟය විශාල වශයෙන් ගල් අඟුරු ආනයනයට බලපානු ඇතැයි ද එමගින්ද විදුලි අර්බූදය ත්ව්‍ර කරනු ඇතැයිද විදුලි බල මණ්ඩලය දෙසින් එන ආරංචිවලින් කියවෙයි.

මේ අතර තොරතුරු වාර්තා වන්නේ 2022 වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් සොයාගන්නා ආකරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හදිස්සි සාකච්ඡාවක් කැඳවූ බවය. මේ සාකච්ඡාව ගැන අදහස් දැක්වූ විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවලින් අර්බූදයේ ස්භාවය මැනවින් පෙනෙන බවය.

රට තුළ ආර්ථික අර්බුදය මෙලෙස උඩුදුවමින් රට කඩාවැටෙන්න ඔන්න මෙන්න තිබියදී කැනඩා රජය තම රට වැසියන්ට ලංකාවේ සංචාරය කරන්නේ නම් ආර්ථික අර්බූදය පිළිබඳව සැලකිලිමත් වන්න යැයි අවවාදයක් ප්‍රකාශයට පත් කර ඇත. එහි ආර්ථිකය කඩාවැටීම ජනයා ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා පෝලින්වල සිටීම හුවාදක්වා ඇත. වර්තමාන ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය යතාවත්වීමක් ගැන ලාංකිකයන්ට තිබෙන සුබවාදී බලාපොරොත්තුවටද මෙම නිවේදනය නිසා මරු පහරක් වැදී ඇත.

Social Sharing
නවතම