ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ.

කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන් ඉවත් කිරීම මෙන්ම නව අමාත්‍යවරුන් පත් කිරීම ආණ්ඩුව තුළ අභ්‍යන්තරයේ උද්ගත ප්‍රශ්නය බෝම්බයක් වී පුපුරා යන්නට හේතුවෙනු ඇතැයිද එනිසා කැබිනට් සංශෝධනය කල් දැමීම නුවනට හුරු බවද ජනාධිපතිවරයා වෙත ඔහුගේ සමීපතම උපදේශකයන් දැනුන් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලිට්‍රෝ සභාපති ඉවත්කර නව සභාපතිවරයෙක් පත්කිරීම මෙන්ම, ජනාධිපතිවරයා එම ගෑස් අංගනය වෙත ගොස් එම පත් කිරීම සහ ඉවත් කිරීම අවලංගු කරන්නට කටයුතු කිරීම පොහොට්ටුව අභ්‍යන්තරයේ විශාල ගැටුමක් ඇති කර ඇති බව දැනගන්නට ලැබේ.

මේ සමග ශ්‍රීලනීපය සමග තවමත් හිතවත්කම් පවත්වාගෙන යන පොහොට්ටුවට එකතුවී සිටින පොහොට්ටු ජේෂ්ඨයන් නැවතත් ශ්‍රීලනීපය වෙත එකතුවීමට සාකච්ඡා පැවැත්වීම, ශ්‍රීලනීපයේ කුමාර වෙල්ගම චන්ද්‍රිකා පාර්ශවය දේශපාලනිකව බලවත් වීම වැනි කාරණා නිසා ආණ්ඩුව තුළ උද්ගත දේශපලන අර්බූදය පිපිරීමක ආසන්නයට පැමිණ ඇතැයි දැනගන්නට ඇත.

මෙවැනි වටපිටාවක කැබිනට් සංශෝධනයක් කිරීම පනින්න බලාගෙන සිටින වඳුරන්ට ඉනිමන් බැන්ඳා වාගේ විය හැකියැයි ජනාධිපතිවරයා වෙත ඔහුගේ උපදේශකයන් දන්වා ඇතැයි දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම