ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!

ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය නිසා මෙම වෙළඳසැල තුළ දිගු පෝලිමක් නිර්මානය වී පැවතීම නිසා සහ එම පෝලිම් ගැසුන ජනතාව මෙම මාර්ගය භාවිතා කරන ජනාධිපතිවරයාට හූ තබාවියැයි යන සැකය මත මෙම සීමාවන් පොලීසිය විසින් පනවා ඇතැයි දැනගන්නට ඇත.

තත්ත්වය මෙසේ වෙද්දී අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිට මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 150කින් මිල ඉහළ යනු ඇති. මේ අනුව නව මිල  කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 540ක් සහ කිලෝ එකේ පැකට්ටුව රුපියල් 1345ක් වේ.

Social Sharing
නවතම