දුම්රිය පුද්ගලීකරණ, කසු කුසු නිසා ස්ථානාධිපති වර්ජනය කල් යයි!

පාඩු ලබන ආයතනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සාකච්ඡා තුළ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ යම් සූදානමක් පිළිබඳව කසුකුසු නිසාම පසුගිය 26 දා මධ්‍යම රාත්‍රියේ සිට යෝජිතව තිබූ දුම්රිය  ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අද (27) උදෑසන 10 දක්වා කල්දමා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මාධ්‍යට ප්‍රකාශ කළේ 27 දා උදෑසන දුම්රිය පාලනාධිකාරිය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවය.

මේ අතර පවත්නා අර්ථික අර්බූදයෙන් ගොඩයෑම සඳහා ජනතා  මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරන දුම්රිය දෙපාර්තමේන්තුව වහාම පුද්ගලීකරණය කළ යුතුයැයි ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් වී ඇත.

Social Sharing
නවතම